Thursday, March 30, 2017

පොද වැස්ස

පොද වැස්ස 


කඳුලකට සුසුමක් 
යා උනා නෙතු දෙකක් 
නොබිදෙනා සෙනෙහසින් 
පිබිදුනා හිත් දෙකක් ....

දුර යන්න අත් බැඳන් 
ගිවිසා ගමු ඉතිං
ලං වෙන්න පින නැතත් 
හිඳිමු අපි මේ ලෙසින් .....

දිවි කතර එළිය කල 
නුඹ තමයි හසරැල්ල 
වෙන් නොවී ලග ඉන්න
ආදරෙයි මම නුඹට .....

පිං පාට මුහුණ නුඹේ 
හදවතේ ගැඹුරු තැන 
දුරින් හිඳ පෙම් කරමි 
    සත්තමයි සුදු මැණික..... 

පබළු වැහි ......

Thursday, March 16, 2017

සිත පුරා නුඹ ඉද්දි

සිත පුරා නුඹ ඉද්දි ....


සිත පුරා නුඹ ඉද්දි 
ලීවා මම කවි පේළි
දෑවටෙද්දී සිත අස්සේ 
මතකයි එදා නුඹ ඉද්දි ....

නුඹ ගිහින් සිත අරං මේ වෙද්දී 
සුසුම් පොද සුසුමකට යා වෙද්දී ..කවි සිතම පාළු වී අලුවෙද්දී 
ලියමි මම නුඹ නමට කවි පේළි

ඇයි ගියේ යන්නට  දමා මේ සිත දැවෙද්දී 
ආදරේ මදි උනිද මං දීපු අද වෙද්දී ....
තරහා නැ ඉන්නකෝ සැනසිල්ලේ  ඔහෙට වී ....
ආදරෙයි තවම මම මගේ සිතින් සුංවෙච්චි ...

පබළු වැහි ....

Wednesday, March 15, 2017

අත්තම්මලා 2 කොටස

පටන් ගත්තු එක කතාවක් වත් 


හරියට ඉවර කර ගන්න 
බැරි උනා .....
දුකක් තියෙන්නේ ....
ඒ හැටිම   වැඩකුත්  නැ 
වැඩ නැතුවමත් නෙවේ ඉතින්  :D
අත්තම්මලා අමතක කරන්න බැරි මාතෘකාව...
ඔය නුවර  අත්තම්මා හරිම සංවේදී 
ආදරණියයි කිව්වොත් නිවැරදි ....
පුංචි පුංචි දේවල් වලටත් සංවේදී 
මං වගේ :P ( ඉස්සර එහෙමයි දැන් එහෙම නැ :) )
ඉතින් මම පොඩිකාලේ සුප්පුව බිව්වනේ ( දැන් ඉතින් හිනා වෙන්න එපා සුප්පු බිව්වා කියල :D. පොඩි කාලේ කවුරු කවුරුත් එහෙම තමා )
ඉතින් ගමනක් යද්දී ඔය සුප්පුව අමතක උනොත්  ගෙදර මිනිස්සු ඉදලා ඉවරයි :D
ඔය නුවර  අත්තම්මා එක දන්නවා . හම්මේ ඉතීම් ඔක්කොටම කලින් ඕක හැට්ටේ අස්සේ ගහගන්න පුරුද්ද අම්මට කලින් අත්තම්මට තිබනා කිව්වොත් හරිය .... :D
හරිම සුන්දරයි අතීතය . අදටත් හිතලා තනියම  රසවිදින්න පුළුවන් . ඔහේ ගෙදරට  වෙලා ඉද්දි මතක් වෙනවා .වෙන මොනවා කරන්නද . ජිවිතේ කියන්නේ එක  තමයි කොච්චර පිරිවර වටකරගෙන හිටියත් ,
දවසක අපි තනිවෙනවා ....
(තනිකමට  හුරුවෙන  ගමන් :D)
ඉතින් අත්තම්මලගේ කතා මට ඉවරකරන්න බෑ. මොකද ඒ තරමට කතා තියනවා කියන්න . 
ගෙදර වැඩත් නැතුවම නෙවෙයි . තියනවා . අපහු දවසක හමුවෙමු .
ඔයාලා හැමෝටම බුදුසරණයි ...!!!

පබළු වැහි ............

සඳ නුඹ මගේ ...

සඳ නුඹ මගේ ...

ගොළු උනේ ඇයි කියන්න ...
හැගුම් නැවතුනා  නොවෙද....
බලා හිදීමි 
පායා එනතුරවට ....
හිස් හිත් අහසට 
සරා සඳ නුඹ ....

පබළු වැහි ...


Wednesday, March 8, 2017

ස්ත්‍රී...

ස්ත්‍රී.....


ගැහැණිය ඔව්  අපේ කාලයේ  මාතෘකාව . 
මේ  මාතෘකාව පිවිසෙන්න කාලයක්  ගියා වැඩිද කියලත්  හිතුනා
වාරයක් නොතිබුණාම  නොවේ ...පැනක්  කොලයක්  අරන් ලියන්න  හිතුනත් 
පටන්  ගැන්ම ගැන  ඒහැටි අවබෝදයක්  නැතිකමද  කියලත්  සිතුනා...
වටපිට බලද්දී  නම්  කිසිම අඩුවක්  පාඩුවක්  නැතිව කාන්තාව ගැන කවි දහසක්  උනත්
තවමත්  දුක්  විදින  කාන්තාවන්  නැතුවම නොවේ . මේ කියන්න  හදන්නේ එක්කෙනෙක්  දෙන්නෙක්  ගැන නොවෙයි  සියලුම  කාන්තාවන්  ගැන .   
කවියෙකුගේ සිතුවිල්ලක්  උනේ  ගැහැනියගේ අග පසග , රුපය ,බැල්ම,  හැසිරීම ආදී දේවල්  මිසක  හදවත, දුක ,වේදනාව ,කටුක  ජීවිතය  ගැන නොවෙයි .ගමේ සිරියාවති , තන්ගම්මා  ත්  ගැහැණු වූ  කලි පටාචාරා විහාරමහාදේවි මේ අතර  හිටියම නොවේ .....
මොනාලිසාත්  ගැහැනියක්  නේ කියලා  හිතුනේ ලියනාඩෝ ගේ චිත්‍රයක්  නිසා  ම නොවේද ...??
සත්තකින්ම  ඔව්  හැඩ කර කර රුපය  ගැන කිව්වට  ගැහැණු  හිත  ගැන දන්නේ  කියෙන්  කීදෙනාද...????

මේ  තරමටම  කතා  කරන්න උවමනාව  තිබුන  තවත්  දවසක්  අපි නිවිහැනහිල්ලේ  කථාබහ  කරමු .මේ ගැන ... :)  මේ ගැන  කිව්වේ ස්ත්‍රිය  ගැහැණිය නැත්තන්  කාන්තාව   ගැන  ඔව් .....
ගැහැනියකුගේ ජීවිතයත්ම හරියට මතුසම්බන්ද කතාවක්  වගෙයි  අවසානයක් නැති නවත්තපු තැකින්  පටන්   ගන්න ....
මතුසම්බන්ද කතාවේ ..... 
අවසානය මෙහෙම  නිමා කරමුද 
බයිබලයේ සදහන් වෙනවා   එක්තරා තැනක මෙහෙම ....

''අමනකම''  වූ කලී  කටකාර , අනුවණ විලිබිය නැති ගැහැණිය වැනිය .

''ගුණ සම්පන්න වනිතාව   ඇගේ   පුරුෂයාට  කිරුළකි. අවමන්  ගෙන  දෙන  කාන්තාව  ඔහුගේ ඇටකටු  වලට  පිලිකාවකි .''

පබළු වැහි ........