Tuesday, August 9, 2016

සිතින් විතරක් දුරින් හිද .....

සිතින් විතරක් දුරින් හිඳ....


අහස බැලුනා 
පුරුද්දට වගේ ....
තනිවෙච්ච සඳ ....
තරු නැති රැයක....
දුකට ...
ඉස්සර නම්  අහස 
බැලුවම ..
නුඹ යන මග 
තරු රටා ඇන්දා...
ඔබේ ගමන් මග කිව්වේ 
තරු අරුන්දතිය 
මට ....
පුරුද්දට වගේ අතැගිලි 
පෙරලුනා....
තරු ගනින්න නම් නෙමෙයි ...
ඔබව සොයන්න ....

එත් ඔබ ඈත ...
පෙනෙන නොපෙනෙන 
දුරක ...
ඇස් අගින් වැටුනා
කඳුළු බිංදු...
එක දෙක ඔච්චමට වගේ 
හිනැහි මට ....
එකතු කරගන්න 
හිතුනා අහුරක්ම 
කඳුළු බිංදු ....
විසි කරන්නද 
මුළු අහස පිරෙන්න 
ආයමත් සඳ වටේ 
තරු රටා අදින්න  ....
පෙනේද 
එවිටවත් 
මගේ ආදරේ ඔබට .....

නිල් අහස යට ...

VAT බද්ද.....

VAT බද්ද....


ආදරයට දැම්ම නම් 
VAT බද්ද ...
නැනේ දුකක් 
හිත් වලට මේ තරමට ...

ආදරයට දැම්මා නම් 
VAT බද්ද ....
සත්තකින්ම 
විසදෙනවා දුප්පතාගේ 
ප්‍රශ්න සියල්ලම ....

ආදරයට  දැම්මා නම්
VAT බද්ද ...
සත්තකින්ම 
පිරියනවා 
මුළු භාණ්ඩාගාරයම
විනාඩියට ...


නිල් අහස යට .... 

මනමේ කුමරුට ...

නික්ම ගිය මනමේ කුමරුට ...

ප්‍රේමයෙන් මන රන්ජිත වේ නන්දිත වේ 
පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ 
ආලයෙන් වේලි සැදී මේ ලතා 
මණ්ඩපයෙන්  චන්ඩාතප
ඛාන්ඩිත වේ හිරු රජිදුගේ



මතකය පමණක් 
ඉතිරි කර ...
සුවහසක් මිනිසුන්ගේ 
දෑස් කඳුලින් 
පුරවා 
නික්ම යන 
මනමේ කුමරුනේ ....
ඔබට නිවන් සුව ....

නිල් අහස යට .....