පුංච් කාලේ උන හදියක් .....
අලුත් දවසක් එක්ක අලුත් සිතුවිල්ලක් .බෙදා ගන්න ඔබත් සමග .මෙක අපි "කෙටි කතාවක් "කියලා හිතමු .පුංචි කාලේ කරපු දග වැඩක් . තනියම නෙමයි නංගි එක්ක .මගේ එකම සහෝදරිය ......
එකමත් එක රටක කථා වලට වඩා වෙනස් කතාවක් ... :D
හැදින්වීමක් කළොත්පුංචි කාලේ ගැන සත්තයි ආයමත් යන්න හිතෙන කාලපරිච්ඡේදයක් කිව්වොත් නිවැරදි . අම්මා තාත්තා ආච්චි සියා නැන්දලා
පුංච්ලා වටකරගෙන ඒ ගෙවුණු අතීතේ මහා මිහිරි අමුත්තක් තියනවා .
කිසිම දුකක් ප්‍රශ්නයක් නෑ . ඇදට වැටුන ගමන් මැරිලා වගේ නින්ද යනවා . ප්‍රශ්න තිබුනත් විසදන්න අය හිටියා . අම්මා තාත්තා රජ්ජුරුවොයි රැජිනයි වගේ .
ඇත්තමයි ඒ ඇතිතේ සුන්නදරයි .මට මෙහෙම හිතුනා ."පුංචි සංදිය සින්නක්කරව ළග තියාගන්න හිතුනනම් "හොදයි කියලා .
අර ගීතයක ලස්සන පදවැල් කිහිපයක් මතක් උනා .
'' නංගියේ මල්ලියේ මල්ලියේ නංගියේ
මට දෙන්න මගේ පුංචි කාලේ මට දෙන්න මගේ පුංචි කාලේ''
ඒ තරමට අපුරුයි ........
දැන් අපි කතාවට බහිමු ..
ඉතින් මේ සිද්දිය වෙද්දී මම දෙක වසරේ ඉගෙනුම ලබනවා . මගේ නැගණිය පොඩි, පාසැල් යන්නේ නැ මගේ මතකය හරිනම් .අපි ජිවත් උනේ අපේ මිත්තනියගේ නිවසේ . ඒ කිව්වේ මගේ අම්මාගේ අම්මගේ නිවසේ අපි ජිවත් උනේ . ඒ ගම ගැන හැදින්වීමක් කළා නම් ,
මාතලේ නගරයේ සිට සැතපුම් දාසයක් ගෙවාගෙන ආවම පල්ලේපොළ කියන සුන්දර ග්‍රාමයේ අපි ජිවත් උනේ . හරිත පාට වෙල් යායවල් එක්ක ලස්සන සුන්දර පුංචි ගමක ඒ ගේ පිහිටියේ . මහපාරට මුහුණලා උවත් .දවසකට වාහන දහයකට වඩා ගමන් කලේ නැති බව මට විශ්වාසයි .
ඒ හේතුව නිසා පාර අයිනේ උවත් ඒ තරම් ඝෝෂාකාරී බවක් දැනුනේ නැති තරම් .
නිවසට වම් පසින් විශාල පොල් ගසක් හා අඹ ගසක් පිහිටා තිබුණේය.
මුළුතැන් ගෙයත් පිගිටියේ මේ වම පසින් ම විය .මුළුතැන් ගේ එක්කම තිබුනේ විශාල ජම්බෝල ගස් දෙකක්ය . එයින් එක ගසක නංගිටත් මටත් පැදීම සදහා ඔන්චිල්ලාවක් විය .
මන් මුලින් සදහන් කල පොල් ගසට ටිකක් එහාට වෙන්න බොහොම ලස්සන මල්වලින් බර උන බෝගන්විලා පදුරක්ද තිබුණාය. ඔය පැදුර ඇතුලේ තමයි නංගිගේත් මගෙත් සෙල්ලම් ගෙය නිර්මාණය උනේ .
වැඩිහිටියන් ටිකක් අකමැති උනේ ඒ සෙල්ලම් ගෙට මුලිකම හේතුව උනේ පොල්ගස ලග වීමත් බෝගන්විලා ගසේ කටු ඇති නිසාත්ය . එයාලගේ අකමැත්ත කෙසේ වෙතත් ,නංගි මායි කැමතිම සෙල්ලම් ගෙය කිව්වොත් නිවැරදිය . අදටත් බෝගන්විලා ගසට විශාල කැමැත්තක් දක්වන්නේ අන්න ඒ නිසාය .
ඔය විදිහට කාලය ගෙවෙද්දී , ආ.......... "මට වැදගත්ම කාරණාව කියන්න
අමතක උනානේ "
අපේ මුළුතැන් ගෙට පහලින් තිබුනේ සුන්දර වෙල්යායක් . මෙන්න මෙහෙම අපේ ගෙදර ජම්බෝල ගස් දෙක ඊටපස්සේ පුංචි ඇළක් ඊට පස්සේ ඔන්න වෙල්යාය .
ඔය වෙල්ලයයේ වම්පැත්තට වෙන්න ළිං දෙකක් තිබුනා . එක ළිදක් බිමට ඒ ලිදට කිව්වේ "පුහුළිද"කියලා. ඊට හරියටම මීටර් 100 දුරින් අනිත් ලිඳ . ඒ ලිඳ නෑම සදහායි . ''ගල් ලිඳ " කියලයි ඒ ලිඳ නම් කරලා තිබුනේ .ගල් ලිඳ අඩි හතරක් ගැඹුරුයි සමච්තුරශ්‍ර හැඩයක් ගත්තේ පොලවේ ඉදලා අඩි තුනයි උස වටම සිමෙන්තියෙන් නිමකරවා තිබුනේ .
හරිම අපුරුයි .සුන්දරයි මේ මතකයන්.
ඉතින් ඔන්න ඔයවගේ සුන්දර ගම්මානයක අපේ පුංචි සන්දිය ගෙවුනේ .
ඉතින් සෙල්ලමට මාතෘකා හොයන කාලේ අපි දෙන්නා විවිඩ සෙල්ලම් වෙලාවකට ගුරුවාරියක් වෙලාවකට නර්ස් නෝනලා වෙලාවකට බස් එකක යන අය. නැත්තන් TV එකේ ගිය රොබින් හුඩ් කතා කාටුන් කතා . අපේ සෙල්ලම් ගෙදර මාතෘකා විය.
එදත් මාතෘකාවක් හෙව්වේ අනේ අහිංසකව සෙල්ලමක් කරන්න හිතාගෙන .එදා අපේ මාතෘකාව උනේ කුණු පුච්චන්න . ඒ කිව්වේ කොළ කෑලි ඔන්න ඔයවගේ දේවල් පුච්චමු කියලා හිතාගෙන සෙල්ලම පටන් ගත්තේ .
කිවයුතු කරණාව නම් අපේ නිවසේ ගිනිපෙට්ටි පිහි වැනි දේවල් අපේ අම්මා හංගලා තිබුනේ මොකට අම්මට අපිව විශ්වාස නැති නිසා ... :)
ගින්දර හොයා ගත්තේ ලිපෙන් . මොකද ඒ කලේ තිබුනේ නෑ ගැස් ලිප් . ඉවුම් පිහුම් කලේ දර ලිපේ . නිතරම ඔය ලිපේ ගින්දර තිබුනා ලේසියෙන් නිමුවේ නැ. වැඩිහිටියන් එහාට මෙහාට වෙනකන් ඉදලා ගින්දර ටිකක් "ඉස්සුවා " කිව්වොත් නිවැරදි . :D
දැන් හොදටම ගිණි ගොඩ ඇවිලෙනවා . නංගිටයි මටයි හරි සතුටුයි .
මේ කතාවේ ප්‍රධාන චරිතේ එන්නේ ඔන්න දැන් .
මං මුලින් සදහන් කලේ වෙල් යායක් ගැන , ඔය වෙල්යායේ අපේ ගේ කිට්ටුවම තිබුන වෙල්යායේ ගොවි මහතා පවුලට ටිකක් හිතවත් , සුමනෙට තුන් හතර වතාවක් වෙල් යායට අනිවාර්යයෙන්ම වාර්තා කල චරිතයක් කිව්වොත් නිවැරදි . ඉතින් මේ මනුස්සය තමුන් ඇදන් එන ඇදුම් කිව්වේ සරම කමිසේ ඔරලෝසුව හා ඊට අමතරව කරට දාන ලේන්සුව ඔය සියල්ලම ගලවලා අපේ ගේ ලගට වෙන්න තිබුන නියර උඩ තියලා ඔහුගේ වැඩ පටන් ගන්නේ . ඉතින් එදා සෙල්ලම් ගෙදරට මේ මනුස්සයා මාතෘකාවක් වෙයි කියලා සත්තකින් ඒ මනුස්සයාවත් අපේ ගෙදර උදවියත් 'හීනෙන්වත්' හිතන්න නැතුව ඇති .....
නංගි මට වඩා ටිකක් දගයි . හැමෝම දන්නා කරුණක් එක ... :)
නංගි කිව්වා අන්න අතන අදුම් වගයක් තියනවා අපි ඒ ටිකත් ගෙනල්ලා මේකට දාමු නේද අක්කි කියලා . මටත් එකේ "බරක් පතලක් "තේරුනේ නැ සෙල්ලමනේ ලොකු හා එහෙනම් කියලා දිග කොට්ටකුත් හොයාගෙන අර ඇදුම් එක එක කෝට්ටෙන් උස්ස උස්ස ගිනි ගොඩට දැම්මේ අගට නොදැනෙන්නම ..... :D දැන් හරිම සතුටින් ඉන්නේ ඇදුම් පිච්චෙනවා ලස්සනට නංගි මමයි හිනා වෙනවා .
ඔන්න විනාඩි දෙකක් ගියේ නෑ ඇතින් ඇහෙනවා සද්දයක් .
කාගේද බැලින්නම් අර මනුස්සයා . ඔලුවේ අත තියාගෙන දුවගෙන එනවා ගේ පැත්තට .නංගිටයි මටයි කරපු වීර කම ටික ටික මතක් වෙනවා .දුවන්න පාරවල් මතකත් නැ උන්හිටි තැන් අහිමි උන හැගීමක් මට අවේ ඒ වෙලාවේ කකුල් වෙව්ලනවා .
"ලොකු හාමිනේ, ලොකුහමිනේ " (අපේ අත්තම්මට ගැමියන් ආමන්ත්‍රණය කල ආකාරය )මෙහෙමද ළමයි හදන්නේ ..???
කියද්දී අපේ නිවැසියන් සියල්ලම එලියට ආවය . අම්මා තාත්තා අත්තම්ම .මේ ඔක්කොම . අර මනුස්සයා ඔලුවේ අතගහගෙන ඉන්නවා බිම ඉගෙන . ඇදුම් සේරම පිච්චිලා ඔරලෝසුවත් එක්කම .අම්මා කොටු හොයනවා නංගිටයි මටයි ගහන්න . තාත්තා සද්ද නැතුව ගල් ගැහිලා ඉන්නවා හැබැයි හිත ඇතුලෙන් හිනා යන්න වගෙත් එනවා . එකම 'කෙලියයි 'ගෙදර . අත්තම්මා නිහඩ බව බිදිමින් මෙහෙම කීවාය. "ලොකු උන්නැහේ ගණන් ගන්න එපා . පොඩි උන් ඔහොම තමා "
නමුත් ඒ වචන පිළිගත්තේ නැ ඒ මනුස්සයා .මුනෙන් මන් දැක්කා ඒ වග .
මගේ අම්මත් දැක්කා . අම්මා තාත්තා එක්ක කාමරේට ගියා කිසිම දෙයක් කිව්වේ නෑ . විනාඩි පහකින් නැවතත් අවා. අතේ මොනවදෝ අරගෙන.
බලද්දී මොනවද ...:O තාත්තගේ අලුත්ම සරමයි ෂර්ට් එකයි ඔරලෝසුවයි තව මුදල් කිහිපයක් . මගේ පපුව පිච්චිලා ගියා . ඔන්න මට පුංචි ඉරිසියාවක් අවා ඒ වෙලාවේ . ඇයි තාත්තගේ දේවල් දෙන්නේ කියලා . නමුත් ඒ වෙලාවේ අම්මා කරපු දේ හරි නැත්තන් කීයටවත් අර මනුස්සයාගේ හිත හදන්න අපිට හම්බෙන්නේ නැ.ඒ මනුස්සයාගේ අතට ඒවා දෙද්දී මුහුණට අලුත් "එළියක් වැටුනා " සමහර විට යටි හිත කියන්නත් ඇති මගේ දේවල් නැති උන එකත් හොදයි කියලා ... :) නමුත් මගේ නම් කිසිම කැමැත්තක් තිබුනේ නැ . දැන් කරන්න වෙන දෙයක් තිබුනෙත් නැ .බොහොම සතුටින් ඒ ටිකත් අරන් යන්න ගියා .
කථාව ඉවර නැ . අම්මා අවවාද කළා නංගිට වඩා මට . ඔව් අපි කලේ වරදක් . ලේසි පහසු වරදක් නෙමයි එක .තේරුම් ගත්තා . අපහු කිසිම දවසක එවැනි වරදක් උනේ නැ . අම්මටවත් තාත්තටවත් අපි ගැන නරක කතා අහන්න . කාගෙන්වත් . ජිවිතේට හොද පාඩමක්
හරියට විද්‍යාඤයෙක් පරීක්ෂණයක් කරලා .අවසන් ප්‍රථිපලය බලලා නිගමනයකට එනවා වගේ . අපේ ජිවිතත් . පුංචි පුංචි වැරදි වලින් තමා ජීවිතය හදාගන්න ඕනේ . වැරදීම් තමා ජීවිතේට පාඩම් කියලා දුන්නේ . සත්තයි අද වෙනකම් අම්මට තාත්තට දුකක් දුන්නේ නැ. දෙන්නෙත් නැ . එයාල අපෙන් බලාපොරොත්තු උනේ එච්චරයි .
මේ කතාව ඔයලා එක්ක බෙදා ගත්තේ ඒ තරම් සුන්දර අතීතයක් අපිට තිබුන නිසා . අද දරුවන්ට තියනවද ...?? හිතන්න පොඩ්ඩක් පොත පත පරිගණක , game , ඇරෙන්න තරගකාරී පාසැල් රටාවකට කොටු වෙච්ච දරුවන් එක්ක දෙමාපියන් දරුවන්ට වඩා පාසැල් යන කාලයක් කිව්වොත් නිවැරදි .
මේ නිල් අහස යට .................
අපි හැමෝම තව කෙනෙකුට උදව්වක් වෙනවා මිසක කවදාවත් කාගෙවත් දේවල් නැති කරන්නවත් .ඒවගේ වැඩවලට උදව් වෙන්නවත් හොද නැති බව එදා තේරුම් ගත්තා
( එදා රාත්තිරියේ කුස්සිය පැත්තෙන් අමුතු සද්දයක් අවා . "කසු කුසු" ගානවා .මං හොරෙන් කන තියලා බැලුවා . බලද්දී අම්මයි අත්තම්මයි පුංචි අම්මට විස්තරේ කියනවා . හිනා වෙන හඩත් විටින් විට ඇසුනා . සමහර විට අපිට නොපෙන්නුවට හිනාව දරා ගන්නත් බැරිවෙන්න ඇති.)