Thursday, September 15, 2016

ආදර හසුන ....

ආදර හසුන ....

පිපුන මල්වල 
සුවද අරගෙන 
රටා දමමින් 
පාට එක්කර ...
ලියමි කවියක් ආදරේ ගැන 
හසුන් පතකින් ඔබට 
දෙන්න ....
සමනලුන්ගෙන් පාට 
අරගෙන ...
ලීව කවිවල 
අරුත දන්නේද ....??
තාම ඔබ එන මග 
බලා ඉන්නේ 
ආදරේටයි සිත කියන්නේ ....
ඈත අහසේ දිළෙන තරුකැට 
සදත් එක්කලා 
හොරෙන් කථාවක...
පාට පාටින් සිහින 
ලෝකෙක 
ඔබත් එක්කලා මාත් තනියම ....

දුකක් නෑ මට ගියත් 
ඔබ දුර...
සෙනෙහසක් ඇත මහා මෙරක් ලෙස ..
ලියා තබමි මම 
පාට කොළවල...
ආදරය මගේ නිමක් 
නම් නැති ....

නිල් අහස යට .....



අත්තම්මලා....

අත්තම්මලා ....

ඉතිං ඉතිං
කොහොමද ඔයාට ..
සතුටෙන් සනීපෙන් ඇති කියලා 
හිතනවා ... :/
හිත කියනවා හැමදාම දකින්න 
කියලා ඒ මුණ .
එත් අවසර නැ මට ... :)
අද මාතෘකාව "අත්තම්මලා "
මම දන්නේ නැ කොච්චර දුරට ගැලපෙයිද කියලා 
මේ මාතෘකාව බ්ලොග් එකක ලියන්න .
එත් දෙයියනේ ලියන්න ලියන්න කියලා 
හිත කියනවා (ලියන්න අලුත් මාතෘකා සොයමින් ) :)
මට අදාල නැ මොනවද ලියන්න ඕනේ කියන දේ .
හිත කියන දේ ලියනවා .
ඒ මගේ හැටියක්නේ ... :D
අතීතයේ උන සමහර සිද්දි තාමත් අපිව ජිවත් කරවනවා .
හරියට එදා උනා වගේම .
හැබැයි මතකයන් විතරයි .
ඒ මතක වලින් මිදෙන්න බැ.
මං හරි ආදරෙයි .
ජීවිතය කියන්නේ සුන්දර නෙමයි උනත් .
අපි ඉවර වෙනකන් කතාව 
දන්නේ නැති පොතක් වගේ .
හා ...හා .. ඇති ඔය වැල්වටාරම් :D
බහිමු මාතෘකාවට .
(කන්න යමක් සොයමින් )

අත්තම්මලා දෙන්නයි .කටපුරා කියන්න පුළුවන් .
නුවර අත්තම්මයි ,මාතලේ අත්තම්මයි .
නුවර අත්තම්මා තාත්තගේ අම්මා .
මාතලේ අත්තම්මා අම්මගේ අම්මා .
අත්තම්මා කියන වචනේ එක උනාට ....
මේ අත්තම්මලා දෙන්න දෙවිදිහක් :)
ඔව් ලියන්න පුළුවන් පොත් ගණන් .වෙලාවකට කතන්දර පොතක් වගේ 
ඔහේ කියවනවා අපි අහන් ඉන්නවා .
වෙලාවකට කෑම වට්ටෝරු පොතක් වගේ .
කෑම හදනවා .
හරියටම මම වගේ... :D( එහෙම කිව්වේ මගේ අම්මි ):D
නුවර අත්තම්මා තමා මට පුංචි කාලේපොල් ගාන්න 
ඉගැන්නුවේ . ඇත්තමයි එකනම් ලොකුම පාඩම .
මොකද පොල් ගාන්න බැරි උදවියත් ඉන්නවනේ :D
මාතලේ අත්තම්මා පොළට ගිහින් දවසක් එද්දී 
ඔන්න පොඩි මැටි වලං ටිකක් 
ගෙනල්ලා දුන්නා .
මං කියන්නේ මට ජීවිතේට ලැබුණ ලොකුම කැමතිම 
තෑග්ග එක තමා .
ඔකේ මම නංගි එක්ක උයනවා .
ඉතුවෙච්ච පොල්,එළවලු වල නරක්වෙච්ච කෑලි අරන් 
උයනවා නංගි මමයි .
ඇත්තටම සුන්දරයි අතීතය 
එකයි ලේසියට අමතක නොවෙන්නේ .
අත්තම්මලා ගැන ලියන්න පුළුවන් පොතක් පිරෙන්නේ .
අනේ ඉතින් ජිවතුන් අතර නැති උනත් හැමදාම 
හිතේ නම් ඉන්නවා සත්තයි .
මම දන්නවා කොහේ හරි ඉදන් බලන් ඉන්නවා ඇති 
අපි දිහා :(
මේ මාතෘකාව ඉවර නැ .
තව දවසක් ලියනවා මම .
මතු සම්බන්දයි කියලා කියන්න කලින් 
දෙයක් තියනවා කියන්න .
වෙලාවට කන්න හොදද ... :)
ආදරෙයි අහස තරම් . OK..
නුවර අත්තම්මයි මමයි අහස දිහා බලාගෙන ඉන්නවා . 
පුංච් කාලේ දවසක .
මම ප්‍රශ්නයක් ඇහැව්වා මෙහෙම 
(මටත් ඕනේ නැති දෙයක් නැනේ )
ඇයි අත්තම්මා අපි බලන හැම හීනයක්ම සැබෑ වෙන්නේ නැත්තේ ..??
ඉතින් අත්තම්මා මෙහෙම කිව්වා .
අපි බලන හින වල අපි විතරක් නෙමයි ඉන්නේ .
ගොඩක් අය ඉන්නවා . ඒ අය අපේ හින ගැන දන්නේ නැ.
අපි ඒ අයට කියන්නෙත් නැ. ඒ අය දැනගත්තනම් 
අපිට  එයාලා එක්ක අපේ හින වලට යන්න තිබුනා කියලා .
එදා නම් මට මෙලොව දෙයක් තේරුනේ නැ.
එත් දැන් හිතෙනවා ඒ කියපු දේ 
කොච්චර ඇත්තද කියලා (හරියට මගේ හීනෙ ඔයා ඉන්නවා වගේ ) :/
අපහු දවසක හමුවෙමු අත්තම්මලාගේ කතාවෙන් 
දැනට ඇති .
වැඩ කෝටියි
තාම එකක්වත් කරලා නැ.
බලන්නකෝ  එකෙත් හැටි :D
bye
මම වයසට ගිහාම ඔන්න ඔයවගේ ඉදි :D

නිල් අහස යට 




නිමි..

නිමි..

ඇයත්නොදන්න
ඔහුත් නොදන්න
මුලක් 
මැදක් 
අගක්
නැතිවම 
ඔවුන්ගේ ආදර කතාව 

නිමි .

නිල් අහස යට ......

නිදි බින්ද ආදරය ...


නිදි බින්ද
ඔබ කවුද ....
සිත ඇල්ම
නෙතු බැල්ම ....
ඔබ හින්දා
දුක් කන්ද ....
නෙතු මඩල
ළඟ රැඳුණ ....
දුක් කඳුළ
සිත රැඳුණ .....
පිපි කුසුම
හද පතුලේ ....
ආදරයෙ රන්
දැල්ල......
සිත වෙළුණු
පද ඇල්ම ...
නීති රැඳුණු
ආදරය ....
මම දුන්න
ඔබ සිතට
වද දුන්න ....
එ හින්දනේ
මඟ අැරිය...
මගේ ආදරය ..
මං එක්කම ....

නිල්අහස යට .....