පුංචි කාලේ.....
ජිවිතේ සරල වෙන තරමට . දුක අඩුයි .බැදීම් අඩුයි ,මේ දේවල් අඩු වෙන්න අඩුවෙන්න සසර ගමන කෙටි .
ඉතින් ඔන්න අද ලියන්නේ වෙනස් ම දෙයක් . සමහරු හිතයි ලියන්න දේවල් වෙන නැද්ද කියලා . තියනවා, නමුත් අතීතයේ සමහර සිද්ධි වර්තමානයේ සමහර සිද්ධි සමග හරි අපුරුවට ගැලපෙනවා . මොකද අපේ ජිවිත අතීතය සමග බැදිලා නිසා .
පුංචි කාලේ මම ආසම කරපු දෙයක් තමා මොනවා හරි දෙයක් පැණිරස දෙයක් ලැබුනොත් තනියම කන්න හිත . විශේෂයෙන් චොක්ලට් වගේ දේවල්,එක එදා කියලා නැ අද දරුවන් පවා එහෙමයි.මේවා සාමාන්‍ය සිදු වීම් . එත් අපි බෙදාගෙන කැවා ගෙදර සාමාජිකයෝ දහයක් ද විස්සක්ද නෙමයි උතුම්ම ගුණය බෙදාගෙන කෑම. පුංචිම කැල්ලක් ඉතුරු උනත් හරි සතුටින් ඔක්කොම එක්ක කෑවා. අද වෙද්දී තනියම කන්න ඕනේ තරම් අවස්ථාව . කන්න බැ . මොකද එදා අපිත් එක්ක අපි ලගින්ම හිටපු අපේ ආච්චිලා සීයලා නැන්දලා මාමලා අද අපි ලග නැ. සමහරු ජිවතුන් අතර නැ සමහරු ඈත් වෙලා ගිහින් . අද බෙදාගෙන කන්න හිතෙන අවස්ථා එමටයි .එත් අපි එක්ක එදා හිටපු අය අද නැ. අන්න එකයි මේ නිල් අහස යට අපුර්වත්වය...
එදා අම්මා කිව්වා අද වගේ මතකයි , "පුතේ කවදාවත් බදාගෙන කන්න එපා , බෙදා ගෙන කන්න " කියලා . අද ඇත්තටම හිතෙනවා අපි හැමෝම මේ නිල් අහස යටට තාවකාලික අමුත්තන් කියාලා . තියන දේ හරි සතුටින් හැමෝම එක්ක බෙදාගෙන කන එක වටිනා ගුණයක් . හැමදාටම 'වලංගු සිරිතක් '.
මේ නිල් අහස යටට එන්න ඔබෙත් මගෙත් කතාව .
හදවත් ඇති අයට පමණයි ....
පබළු වැහි සියුම් හදවතක .ආදරණිය සිතුවිලි එක්ක .ලං වන්නට අවසරයි . ජිවිතයේ පද ගලපන්නට ඔබත් එක්ක මම . පබළු වැහි . මම පාරමී.
Wednesday, May 25, 2016
හැදින්වීම...
නිල් අහස යට
හැදින්වීම....
හදවත් ඇති උදවියට පමණයි....
ජීවිතය ඔබ මම අපි සියල්ලන්ම මිනිසුන් වන අතර
සතුට දුක, කඳුළ, විරහව, වේදනාව, ආදරය මේ සියල්ලම නිල් අහස යට
අපි සැමටම පොදු ලක්ෂණ වේ. මේ සියලුම දේවල් එකිනෙකාට පොදු ලක්ෂණ උවත් විදින ආකාරය විදවන ආකාරය වෙනස් වේ . ඔබත් මමත් ජිවිතයේ කෙදිනක හෝ මේ සියල්ලන් සදහා කාලය මුදල් වියදම් කලත් ජිවිතයේ අපි ලබාගත් දේවල් අතරට නොලැබුණු දේවල් වැඩි බව මේ නිල් අහස යට ඉන්න අයට හා ඔබටත් මටත් නොතෙරුනාම නොවේ.
එන්න එකතු වන්න නිල් අහස යටට ,ආදරණීය හදවත් ඇති අයට පමණක් බව මතක තියාගන්න .
මනුස්සකමට ඇබ්බැහි උන මිනිසුන් සදහා...

Subscribe to:
Posts (Atom)