Tuesday, July 19, 2016

සිතුවිලි හැගුම් බරයි .....

සිතුවිලි හැගුම් බරයි .....

ආදරේට ....
හැගුම්බර සිතුවිලි 
ගොන්නක් සිත දරාන
ඔබව අමතන්න 
කරන උත්සාහය .....:(


දුර ඈත ආකාසේ 
පුංචි තරුවක් වී 
පායා .....
මම එලිය ගෙනෙමි 
නුඹට ඇති 
තරම් ........

ගහේ ,වැලේ ,කැලේ
පිපි මලක් විලසේ 
සුවඳ ගෙනෙමි 
නුඹට ඇති තරම් ......

වසන්තයේ ඔබේ නමට 
පිපුන මල් ගෙන 
සරසන්නම් 
ජිවිතයම ...
සුවද විජිතයක් කර .....

දේදුන්නේ පාටයි
ආදරය මගේ ....
සිතින් මගේ සිත 
දරාගෙන ඔබව ...
නුඹටම ....
ආදරය කරමි 
ඇති තරමට .....
උම්මාදනියක් ලෙස 
මියැදුන හදවත 
පිරෙන්න ......


නිල් අහස යට ...............


පෝය දාට පන්සලේ....

පෝයදාට පන්සලේදී .....


මුණ ගැහෙමුද අපි ....
එකිනෙකට නොවෙනස් ආදරයෙන් ...
ජාති ආගම් භේද පසෙකලා ....
මනුස්ස හැගීමෙන් ....
දොහොත් මුදුනින් 
වදින්න මුනි පා යුග ....
සිත නිවුණු සිතුවිලි 
එකතුකර .....
බෝ තුරු සෙවනැල්ලේ ......
පැන් කළ වක්කරන්න ......
දැහැමි සිතින් පෙළ ගැහෙමුද ......
සාදු නදින් .......
සාදු ... සාදු .... සාදු.....


සමන් පිච්ච සුදු අරලිය 
නිල් මානෙල් එක පොකුරට 
ඔක්කොම ගෙන 
වට්ටියකට ......
සුදු සේලත් ඇග දවටන් ....
තෙල් ගාලා 
හිස පීරන් .....
මුනිදු පුදට හද බැතියෙන් 
යමු අපි පන්සල් .....
පන්සල ලග 
බෝ සෙවනේ ...
පැන්කල ගෙන 
සාදු නදින් ....
බුදුන් දෙසු දම් පදයෙන් 
වදිමු බැතින්
මුනි පා යුග ....


සියලු සතුන් මෙත් සිසිලෙන් 
වඩමු දහම
බැති බර වී ....
පෝය දාටවත් මෙලෙසින් 
කිළුටක් නැති සිත් සමගින් .......


බුදුන් දෙසු දම් පදයයි 
සුළගින් එන මෙත් සිසිලයි 
සාදු නදින් සිත් කළඹයි....
පෝය දාට සිත් පැහැදෙයි .....
දහම ඇතත් නිවන දුරයි ....
පව් බරින්ම සිත් 
උතුරයි ....
සියලු සතුන් 
සුවපත් වෙයි 
බුදුන් දෙසු දම් පදයෙන් 
තෙරුවන්ගේම ගුණ මහිමෙන් .......



නිල් අහස යට ................