Saturday, June 4, 2016

හදවතේ හැගෙන රාවය ....

ආදරණිය හදවතකට .....


දෙනෙතේ කඳුළු කැට
වැටෙන්න පොර බඳින  විට 
ඇගිලි තුඩු වලින් පරිස්සමට 
ගෙන කඳුළු කැටවලට 
රැකවරණය දුන්නේ ඔබේ 
නමට වැටෙන කඳුළු බිදුවක් වත් 
බිමට වැටෙන්න නොදී 
රැකගන්නයි ....
එත් 
කඳුළු ඉක්මන් උනා 
කඳුළු කැට මට නොදැනීම 
වැටුනේ ආදරේ ට 
ආදරේ නමට 
බිඳුණු හදවතින් 
හමු වූ ඔබව ....
ඔබේ හදවත සුවපත් කළා 
මිසක සිතුවේ නෑ....
මගේ හදවත මෙතරමට 
බිදෙනා බව.....
නොලැබෙනා බව 
දැන දැනම පෙම් කරද්දී 
ආදරයේ සිමා මායිම් 
අමතක වෙද්දී 
මගේ හදවතත් බිඳිලා 
මේ නිල් අහස යටම 
මටත් නොදැනී.....
බැදීම් "අවිනිශ්චිත"
බව වැටහුනේ 
බිඳුණු පසුවයි 
මගේ හද ....
වාව ගන්න බැරි තරමට 
රිදුනත් මගේ හිත 
තහනම් නැ "ඔය හිතට" 
මේ හිත  ...
අකුරු හොය හොයා 
ඇමිණුවේ ඒ ආදරය 
රැකගන්නයි 
මේ නිල් අහස යටදී ....
පාරමිදම් පුරමි 
මතු මතුත් 
හමුවන්න නොවෙයි 
ඒ බිඳුණු හිත සුවපත් 
කරන්න .........
ආදරයෙන් පුරවන්න 
ආදර කථා කියන්න ..
සිහිනයකින් නොවෙයි 
හැබැවටම .....
මේ නිල් අහස යට ..........

වැස්ස කරපු වින්නැහියක්......

ඔන්න ඉතින් ගොඩක් දවසකට පස්සේ ලියන්න හිතුනේ ,අපිට අමතක වෙන ඇත්ත ගැන . 
අපිට ඇදිවත පමණක් ඉතුරු කරලා ගිය වැස්ස ගැන , 
ලෝකයේ කොහේ උන්නත් උයාගත්තු බත් පත අතට අරන් කන්න හිතක් නැති කරපු වැස්ස . 
අමනුස්සයන්ට මනුස්සකම කියලා දීපු වැස්ස ගැන අලුත් කතාවයි 






මේ .................

පුංචි පැටව් ටික මෙන්න "තටු ගහලා " ලක ලැහැස්ති " 
වෙනවා පාසැලට දුවන්න . හැබැයි වෙනදා පුරුදු විදිහට නෙමයි .කෝ සුදට සුදේ බැබලුන සුදු ඇදුම් , සපත්තු ,පාට පාට බෑග්,වතුර බෝතල් 
ඒ මොකුත්ම නැ අද ,ඉතුරු වෙච්ච එකම පාට ඇදුම ඇදන්අහුවෙච්ච "බාටා කෑලි දෙකක් දාන ඉස්කෝලේ යනවා ,ගහගෙන ගිය බලාපොරොත්තු ගොඩ ගන්න . 
අනේ දෙවියනේ " වැස්ස කරපු වින්නැහියක්"

මේ නිල් අහස යට ............

" ඔන්න අල්ලපු ගෙදරට අලුත් පුටුසැටියක් ගෙනල්ලා ." මේ අපි ඊට වඩා  ගණන් හොද එකක් ගේමු නේද ..?? " "එහා ගෙදරට ටයිල් අල්ලනවා ." දැක්කේ නැද්ද ..?? අපිත් ටයිල් ටිකක් අල්ලමු නේද මහත්තයා ."බැංකු ලෝන් එක තාම එහෙමමයි " 
හැමතැනටම ණය කවදා ගෙවලා ඉවර කරන්නද . 
අනේ ඉතින් මේ ඔක්කොම එකතු කරේ ගංවතුරට පස්සේ පාර දෙපැත්තේ තියන "කුණු කඳු ටික " පුරවන්න කියලා දන්නවනම් 
මේ තරමට රැස් කරයිද ?
දෙවියනේ "වැස්ස කරපු වින්නැහියක් "

නිල් අහස යට .............

" මේ එහා ගෙදර කානුව හරවලා අපේ වැට ලගට ". පොලිසියට යමු නේද .?""අපේ වැටේ ඉන්න කඩලා මේක හරියන  වැඩක් නෙමයි " දැන් ඉවසුවා ඇති ".සමහර ගෙවල් හතර වටේට වහලා හිර ගෙවල් වගේ . මොක්කු ඉන්නවද දන්නේ නෑ . අඩුම තරමේ සුදුද කළුද දන්නේ නැ. 
"මැරෙනන් කලින්, මම මල්ශාලවට සල්ලිත් බැදලා"කාටවත් වදයක් නැ.
මේ තවත් සමහරු . අනේ ඉතින් වැස්සක් වැස්සා ඔක්කොම ගහගෙන යන්නම .
පස්වලට යට උනා . මිනි එක දෙක ගොඩ ගත්තා . සිංහල දෙමල ,මුස්ලිම් ඔක්කොම යට උනා සමුහ මිනි වලේ ඔක්කොම මිහිදන් උනා . 
අනේ දෙවියනේ " වැස්ස කල වින්නැහියක් ".

වැස්ස වින්නැහියක් කලාද අපි අපිටම වින්නැහියක් උනාද කියලා බලන්න . ජිවිතේට පාඩමක් කියලා දුන්න සොබා දහම දියදහම. බලාපොරොත්තු හීන හිත් වලට ඕනේ ජීවිතය ගෙනියන්න .හැබැයි සීමාවක් තුල පමණක් . හොදම පාඩම අපිට ඉගැන්නුවේ වැස්ස ,සොබාදහම . මනුස්සකම එකතු කරගන්න පිං රැස්කරන්න ලෞකික දේවල් වලින් ඈත් වෙන්න ඉගැන්නුවේ වැස්ස .
හොද පාඩම් අපි හැමෝටම 

නිල් අහස යට ........