Thursday, August 4, 2016

ආදරේ පරිස්සම් කරපු .....

ආදරේ පරිස්සම් කරපු ....

මුතු මැණික් තරමට 
පරිස්සම් කරන...
තවමත් ආදරේ 
බිදුවෙන් බිදුව .....
වැඩි වෙන ....
ආදරණිය ආදරයක 
අයිතිකරුට ..
රෝසමල් පෙත්තක 
ආදරයේ රටා මවන 
පැන් ඉහින මගේ ආදරණිය 
ආදරයේ අයිතිකරුට ..
ආදරයේ හුරුබුහුටි 
කතාවක් ලියන ....
හිනයක සගවා ගත්
ආදරණිය සිතුවිල්ල .....
ආදරෙයි සදහටම 
සිතුවිල්ලක 
සිරකර ගෙන 
මියැදෙන 
තුරාවට .....
රත්තරං ඔයාට .....

නිල් අහස යට .....

මෙලොව රහක් නැ.... :/

මෙලොව රහක් නැති එකී .... :/


මිනිස්සු දහස් ගණනක් එක්ක 
බැලුවොත් මෙලොවම 
රහක් නැති එකම එකී මම ....
එකටනම් කමක් නැ...
ඔයාලගේ පාට පාට...
ලෝකවල් වල මට 
අත්වාරුවක් වෙන්න ඕනේ නැ...
මං මගේ පාඩුවෙ
ජිවත් වෙන්නම් ..
එකනම් කාටවත් අදාළ වෙන්නේ 
නැතුව ඇති ...
එත් බඩගින්න, ආදරය ,දයාව ,කරුණාව 
හැමෝටම වගේමයි ....
මටත් ...
මටත් ආදරයක් දැනුනා 
කවමදාවත් අයිති වෙන්නේ 
නැති හිතකට ....
එත් මක් කරන්නද 
අකුරු ලත වෙන්නේ 
ඒ ගැනමයි ....
සමාවෙයල්ලා ...
නවත්තගන්න 
බෑ ඉවරයක් නැති 
ආදරේ ....
කරපු වරදට 
කොහෙන්ද සමාවක් .....


නිල් අහස යට .....

some love story live forever..

some love story live forever....



කොයි ලෝකෙක ගියත් 
මේ හිත අරන් යන්න 
එපැයි....
තියලා ගියා කියලා කාට ඇති වැඩක්ද ...
හිත මුරණ්ඩුයි
ඉල්ලන්නේ 
නොලැබෙන ඔයවමයි ...
හිතත් අම්බලමක් වගේ 
පාළුවට ගිය ...
එදා ඔයාව පුරවාගෙන 
හිත පුරාම ...
සතුටින් ගෙවෙද්දී 
දවසම ....
මට මං ගැනම ඉරිසියා 
හිතුනේ ...
අනේ කවදාවත් මේ සතුට 
හොරු අරන් යන්න එපා කියලා ...
එත් හොරු නෙමයි 
ඔයාම ගලවලා 
අරන් ගියේ මේ හිත ...
වාවන්න බැරි උනාට තවමත් 
ආදරෙයි ඔයාට එදාටත් වැඩිය ....
වේදනාව එහෙම්ම තමා 
එත් තවම 
මග බලනවා 
ඔයා එනකන් 
නෙමයි ....
මගේ හිත මට අපහු 
ලැබෙනකම් ....


නිල් අහස යට ....