Thursday, September 8, 2016

සත්‍ය සිදු වීමක් .... :D

සත්‍ය සිදුවීමක් ... :D


ඉතින් කොහොමද ...??
අහ්හ්
හුග දවසකට පස්සෙනේ මේ ...
ඉතින් ලියන්නේ . 
නොලියම බැරි කතාවක් 
ඔව් .... :)
මගේ කවිපොත ගැන 
අපේ ගෙදර අයට අහුවෙලා 
කවි පොත ...
කට උත්තර නැති වෙන්නම ....:D
ප්‍රශ්න මාලාවයි ඉවරයක් නැති .
අපේ ගෙදර අය...
ආ බං කෙල්ලේ  කොහේ තිබුන කවි හැකියාවක්ද මේ .
මං දන්නේ නැති .
මම ..
නෑ මේ .. මේ... :/
ගෙදර අය....
නැ මේ මේ මොනවද ....
කවදා ඉදන්ද පටන් ගත්තේ මේ අරුම පුදුම හැකියාව .
මම ..
නැ ඉතින් හැකියාව තිබුනා . අවස්ථාවක් අවේ නැනේ ලියන්න .
දැන් අවස්ථාවක් අවා . ඉතින් ලිව්වා .. :)
ගෙදර අය...
දැන් මේ මොන අවස්ථාවක්ද කවි ලියන්න තරන් ... 
මම ...
නැ ඉතින් මේකනේ ( තොල් පෙරලන ගමන් ) :D
ඔය ගෙවල් වල ඉන්න අනිත් බවලත් උදවිය වගේද මම . නැනේ . නැ.
ගෙවල් ගානේ යනවද ??නැනේ . නැ :D
ඕපාදුප හොයනවද .?? නැනේ . නැ :D
අරයා ලොකු මාලයක් දාගෙන මටත් එකක් ඕනේ . එහෙම කිව්වද ?? නැනේ .නැ. :D
අනේ ඉතින් අහිංසකි , දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්නේ 
පාඩුවේ . හා බොරුද මං කියන්නේ ... :)
ඉතින් එහෙම එකේ කවි දෙකක් තුනක් ලිව්වයි 
කියලා මක් වෙනවද ... :D
ගෙදර අය ...
ඔව් ඉතින් එක පිලිගන්නවා .. :)
එත් ප්‍රශ්නයක් .මේ කවි ඔක්කොම එකම විදිහ  එකම මාතෘකාව

ඒ මොකද ඒ ... ??
මම ...
කාලා වරෙන්කො ( දුවන්න පාරක් හොයමින් )
කොහේ තියන උත්තරද මෙව්වට . හත්වලාමේ .
ඔලුව කළුගලක් තිබුනානම් 
ගහා ගන්නවා . 
පොඩ්ඩක් ඉන්න මං එන්නම් . එතකන් කවි බලන්න .
(මාරු වෙන ගමන් )
හම්මේ ඉතින් මෙව්වා මෙහෙම නොවෙන්න තිබුනා . 
හීන ජීවිතේට අවේ නැත්තන් .
සතරකන් මන්ත්‍රණ නොවෙන්න .
මෙහෙම හින තිබුනා කියලා දන්නවනම් .
හැරෙන තැපෑලෙන් ටිකට් එවලා මට .
යන්න අපායට නැත්තන්  දිව්‍යලෝකෙට .
මක් කරන්නද ...??
එහෙනම් කවි ලියන්න වෙන්නේ එහෙ ඉදන් තමා ඔන්න :D
ඔයාලටත් එන්න වෙනවා එහාටම කවි රස විදින්න .
මං දන්නවා එන වග ... :D
විහිළු තමා .එත් මෙව්වා නොවෙන්න තිබුන දේවල් :/
මොනවා කරන්නද ජීවිතය .
මෙහෙම සිද්ද වෙන්න ඇති . 
බඩගින්නක් එනවා දැන්නම් 
යකෙක් කන්න .

හිතනවා ඔයා සතුටින් කියලා 
හැමදාමත් වගේ ... :)
හැමදේම එපා කියලා හිතලා යන්න හිතෙනවා .
එත් හිතට බොරු කරන්න බැ අපි කාටවත් .
සිතුවිලි ,හැගීම් ,ආදරය ,වේදනාව 
අපි කටත් පොදු ධර්මතාව .
හැමදාමත් ලියනවා .
අත්දෙකට පන 
තියනකන් .
අවංක ආදරය ගැන . 
පණ ඇති තාක්...

මොනවා නැතත් වෙලාවට කන්න බොන්න .
ඔයා ගැන හිතන්න .
මං ගැන එපා ... :/
සතුටින් ඉන්න 
තෙරුවන් සරණයි !!!

නිල් අහස යට .....

අම්මා.....

අම්මා....


දරාගෙන මහා 
බර කන්ද ...
ගැහැණියක් වේ නම් 
ලොවේ උතුම් 
ලඳ ...
''අම්මේ ''
ඔබ පමණයි 
දිය බිඳ 
වියළුන
වැලි කතරට .....

නිල් අහස යට .............

එක දවසක් ...

එක දවසක් 


එක දවසක් 
කඳුළු පිසදාපු 
පුංච්ම පුංචි 
හිත 
තනිකරලා අද 
ආයමත් පරණ මල් ලග 
හිත නතර කරන්
දුක නෑ මේ හිතට ...
පැතුම 
කවදත් ඔබේ සතුට 
යන්න යන්නම් 
මතක අරගෙන 
ඔය කොයි මලත් 
දිනක පරවෙන 
බව පසක් කරගෙනම 
අවසර 
ඇත්නම් 
වෙන්නද ඉටිමලක් 
ජීවිතය පුරාවට 
ලගින් ඉන්න 
සුවඳ මග හැර ....

නිල් අහස යට .....

කැලෑ මල් ළග....

කැලෑ මල් ළග...

කැලෑමල් ළග
නතර උන මේ හිත දැන් 
පරිස්සම් ...
තුරුළු කරන්
පැරණි ආදරයක නටබුන් 
යන්න යමි 
සංසර ගමන සතුටින් .....
නොවටිනා ආදරයක වටිනාකම 
ලියා රිසිට් පතක 
එවමි මතු දිනක 
හංගපු ආදරය මගේ .....

නිල් අහස යට .....

හිතට හිත නැති ....

හිතට හිත නැති ...


හිතට හිත නැති 
ආදරෙත් ගෙන මම ....
යන්න යමි 
නොඑන ගමනක ....
සිත්තම් කල සිතුවිලි වල 
ඔබ උන්නට ...
ඔබ නැනේ මං
ලග 
දුර ඈත....
ගියේ ඔබයි හැමදාම 
මග හැර මාව....
මටත් මා අමතක වෙන 
තරමට ...
අමනාප නැ ගියාට ඔබ ...
මා මග හැර 
සිතින් මා හැමදාමත් ඔබ ලගයි 

නිල් අහස යට ....

සිහිනයෙන් ඇවිදින් ....

සිහිනයකින් ඇවිදින් ....

සිහිනයකින් ඇවිදින් 
හදම පිරි මදිද්දී ....
ආදරය දැනුනා 
ඔබේ ....
හංගාන උන්න ..
කියා නිම කල සිතුවිලි 
කඳුළු එක්ක ...
ඇද වැටෙද්දී ....
සිහිනයේ ආදර කතාවක 
සිරවී ඉන්න 
සිතුනේ .....
වරු ගණනකට
නොවෙයි 
සත්තයි ...!!!
සදහටම නෙතු පියාගන්න 
සිතුනා 
ආදරයත් තුරුළු කරගෙනම 
නොඑන ගමනක ....

නිල් අහස යට ....

සෙනෙහස මගේ .....


අහසේ තරු
කවදාවත් ගනින්න බැ...
එ වගෙයි හිතක ඇති උන
සෙනෙහස කවදාවත් මෙච්චරයි
කියලා ඉවර කරන්න බැ.....
දැනෙන්න ඇරි‍යේ
සිතුවිලි වලට
පදවැල් එකතු කරලා....
දැනුනද කියලා
අහන්නවත් ඔයා
මං ලග නැති හැටි....
ඇත්තමයි ....
ඔයත් අහස වගෙයි ....
දුර ඇතට ලස්සනට
පෙනුනට....
ලං වෙන්න වත් බැරි තරම්
දුරයි.....
එත් රත්තරං .....
ආදරේ එහෙමිමමයි.....
හරියට අහසේ පායපු
ගනින්න බැරි
තරැ ගානට .....
ඔවි තවමත්
ආදරේ යි....
මෙි හිත

                                    නිල් අහස යට .............

හොරෙන් හොරෙන් ...

හොරෙන් හොරෙන් 

සිත ගත 
රැදී ඔබය ....
ගුණ සුවඳින් පිරි ඔබය 
ආදරයක් වේනම් 
සිත රැඳී 
හද පිරි ....
මහද සිත්තම 
සින්නක්කර අයිතිය 
නොදුන්නත් 
ඔබ ළග...
ඔබ හද තුල 
හොරෙන් හොරෙන් පිරිමදින 
මම 
දිය රැල්ලකි මහා සාගරයක ........

නිල් අහස යට ...