පොද වැස්ස
කඳුලකට සුසුමක්
යා උනා නෙතු දෙකක්
නොබිදෙනා සෙනෙහසින්
පිබිදුනා හිත් දෙකක් ....
දුර යන්න අත් බැඳන්
ගිවිසා ගමු ඉතිං
ලං වෙන්න පින නැතත්
හිඳිමු අපි මේ ලෙසින් .....
දිවි කතර එළිය කල
නුඹ තමයි හසරැල්ල
වෙන් නොවී ලග ඉන්න
ආදරෙයි මම නුඹට .....
පිං පාට මුහුණ නුඹේ
හදවතේ ගැඹුරු තැන
දුරින් හිඳ පෙම් කරමි
සත්තමයි සුදු මැණික.....
පබළු වැහි ......