Monday, May 30, 2016

හොදම මිතුරිය ඔබට ....

සුබ උපන්දිනයක් ....

One of the most beautiful qualities of true friendship is to understand and to be understood. 

Lucius Annaeus Seneca.

හැමදාමත් මා ලගින්ම සිටි .

දුකද ,සැපද ,නෙවෙයි 

ජිවිතයේ මිත්‍රත්වය හදුනා ගත් නියම මිතුරියයි .ඔබ ,

මේ ආදරණිය සුබ පැතුම ඔබට ....

දිවිමගේ සතුට සැනසීම ,නිරෝගී බව ලැබී ,

ජිවිතයම සතුටින් ගත කරන්න ඔබට හැකි වේවා කියා 

ඔබට ප්‍රර්ථනා කරමි....


''තබන තබන පය 

පිට මල් ඇතිරේවා...

සිතන පතන 

සිතුවිලි  සැම ඉටුවේවා ....

යනෙන තැනක 

දෙවි රැකවරණය වේවා...

පතමි ඔබට 

අද දින...

අසිරි මල් වැසි

වැටෙවා ....


නිල් අහස යට ......................







දුකද සතුටද වැඩි පුරම....???

දුකද සතුටද වැඩිපුරම ..??නිල් අහස යට...................
 අපි හැමෝගෙන්ම එකම එක ප්‍රශ්නයක් ඇහැව්වා නම් , දුකද සතුටද වැඩියෙන්ම විදලා තියෙන්නේ කියලා .
එක එක්කෙනා විවිධාකාර උත්තර දෙයි මෙන්න මේ වගේ ,
#අම්මෝ මං සතුට කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැ,
# මං නම් දුක දන්නෙම නැ
# අපි පුංචි කාලේ දුක් වින්දා දැන් සතුටින් තවකෙක් කියයි ,
#අපේ ජිවිතේ දුක සැප වෙනසක් නැ දෙකම එක සමානයි කියයි ....
මේ වගේ සියක් උත්තර ලැබෙයි . මගෙන් ඇහැව්වොත් මං නම් කියන්නේ දුක තමා මගේ මිතුරා මගේ ලගම ඤාතියා කියලා ,
මොකද දුක හිතුන වෙලාවට තමා අපිට හොදම පාඩම ඉගන ගන්න පුළුවන් උනේ .දුක හිතුන වෙලාවට තමා සතුරා මිතුරා කවුද කියලා අදුර ගත්තේ .
දුක හිතුන වෙලාවට තමා අපි අදහන ආගම දහම මතක් උනේ .
අන්න එකයි මිනිස් ජිවිත වල දුක වැඩි වෙලා තියෙන්නේ .
සතුට කියන්නේ අපි හිනා වෙලා කාලා බිලා නටලා හැමදේම ඉවර කරනවා .ලග ඉන්නේ කව්ද මොනවද වෙන්නේ මොකුත් දකින්නේ  නැ .සතුට කියන දේ අපුර්වත්වය එකයි . 
මට ලස්සන ගීතයක පදවැල් කිහිපයක් මතක් උනා .
අමරදේව මාස්ටර් ගේ ..

ඉර හඳ පායන 
ලෝකේ...
ආලෝකය අතරේ ..
සැප දුක 
සම බර වේ ...
මේ ජිවන කතරේ 
මේ ජිවන 
කතරේ 
සැප දුක 
සම බර වේ .....

ජීවිතය කියන්නේ අන්න එකයි දුක සැප සමබර වේ. දුක් වෙන්න එපා කිදෙක් අපිට කියලා ඇද්ද මේ විදිහට .හැබැයි ඒ කියපු කෙනාගේ හිතේ අපිට වඩා දුකක් ඇති .එක දක්ෂකම හැමෝටම බැ දුක හංගගෙන තව කෙනෙක්ව සතුටින් තියන්න .නමුත් එහෙම අයත් ඉන්නවා .මේ ලෝතලයේ. 
සැපද දුකද නෙමයි ජිවත් වන පිළිවෙලයි වැදගත් . දුක තිබුනත් සතුටින් ජිවත් වෙන්න ,මොකද ජිවිත කාලෙන් බාගෙටත් වඩා අපි දුකෙන් ඉන්නේ . දුකත් හරවා ගන්න සතුටට . සිනහා වෙන්න හදවතින් .ආදරේ කරන්න හදවතින් . ජිවිතේ ලස්සන වෙයි . දුක අඩුවෙලා යයි . සතුට හොයන්න යන්න එපා .සතුට හොයන්න හොයන්න දුක වැඩි වෙයි . "දුක  ඇතුලේ සතුට හොයන්න " ජිවිතේ ලස්සන වෙයි . මේ නිල් අහස යට අපි හැමෝගෙම .....

සතුට ...

"ක්ෂණිකව" ඇවිත්
මතු වී 
පලා යයි 
"මිරිගුවක්"
සේ...

දුක....

"වද " දෙමින් 
එහෙම්මමයි
සිත ඇතුලේ 
"පදිංචි "
වී ......

අපි සියලු දෙනාම සතුටින් මේ නිල් අහස යට .