Monday, September 12, 2016

ඔබ රුවල් නැවකි ....

ඔබ රුවල් නැවකි ....

සිත නමැති 
මහා සාගරයේ ....
ඔබ රුවල් නැවකි 
මට ...
විශ්වය දෙඅතට 
අරගෙන 
පෙන්වන්න පුළුවන් 
උනානම් 
පෙන්වමි ආදරයේ 
තරම මගේ ....
නුඹට 
සදාකාලික නොවුන 
බැදීම් වල 
ඔබ ...
සදකලිකම 
බැදීම වී...
ආදරයේ අරුත 
සොයායන 
මම...
ප්‍රදිපාගාරයකි....
රුවල් නැවට 
මග පෙන්වන 
සිහින කතාවේ .....

නිල් අහස යට .......

අම්මා ........

අම්මා......

ලියන්න පෙරුම් පුරපු 
සිහින කථාවක 
නුඹ සිටියා ...
හැමදාකම 
අකුරු එකතු 
කළා 
සසර පුරාවට 
වචන ගලපන්න ....
අකුරුත් මදි උනි 
ඔබේ සෙනෙහස 
ලග ....
සිතුවිලි සිරකර ගෙනම 
ඔබ දුටුවා 
මම 
එක සිතුවිල්ලක ...
නිමක් 
නැති සෙනෙහසක
පද පිරුව 
අරුත 
ඔබයි අම්මේ ...
සදහටම .

නිල් අහස යට .........

විසිරුණු මල්පෙති

විසිරුණු මල්පෙති 

විසිරුණු මල්පෙති 
වගේ ....
මගේ ආදරේ 
විසිර ගියාට 
එකතු කරලා පරිස්සම් 
කරනවා ..
මතු අත්මයකවත් 
උරුම වෙන්න 
පරමිතාවකට 
සිහිනයේ 
ආදර කතාව ...

නිල් අහස යට ...