ඔන්න ඉතින් ගොඩක් දවසකට පස්සේ ලියන්න හිතුනේ ,අපිට අමතක වෙන ඇත්ත ගැන .
අපිට ඇදිවත පමණක් ඉතුරු කරලා ගිය වැස්ස ගැන ,
ලෝකයේ කොහේ උන්නත් උයාගත්තු බත් පත අතට අරන් කන්න හිතක් නැති කරපු වැස්ස .
අමනුස්සයන්ට මනුස්සකම කියලා දීපු වැස්ස ගැන අලුත් කතාවයි
මේ .................
පුංචි පැටව් ටික මෙන්න "තටු ගහලා " ලක ලැහැස්ති "
වෙනවා පාසැලට දුවන්න . හැබැයි වෙනදා පුරුදු විදිහට නෙමයි .කෝ සුදට සුදේ බැබලුන සුදු ඇදුම් , සපත්තු ,පාට පාට බෑග්,වතුර බෝතල්
ඒ මොකුත්ම නැ අද ,ඉතුරු වෙච්ච එකම පාට ඇදුම ඇදන්අහුවෙච්ච "බාටා කෑලි දෙකක් දාන ඉස්කෝලේ යනවා ,ගහගෙන ගිය බලාපොරොත්තු ගොඩ ගන්න .
අනේ දෙවියනේ " වැස්ස කරපු වින්නැහියක්"
මේ නිල් අහස යට ............
" ඔන්න අල්ලපු ගෙදරට අලුත් පුටුසැටියක් ගෙනල්ලා ." මේ අපි ඊට වඩා ගණන් හොද එකක් ගේමු නේද ..?? " "එහා ගෙදරට ටයිල් අල්ලනවා ." දැක්කේ නැද්ද ..?? අපිත් ටයිල් ටිකක් අල්ලමු නේද මහත්තයා ."බැංකු ලෝන් එක තාම එහෙමමයි "
හැමතැනටම ණය කවදා ගෙවලා ඉවර කරන්නද .
අනේ ඉතින් මේ ඔක්කොම එකතු කරේ ගංවතුරට පස්සේ පාර දෙපැත්තේ තියන "කුණු කඳු ටික " පුරවන්න කියලා දන්නවනම්
මේ තරමට රැස් කරයිද ?
දෙවියනේ "වැස්ස කරපු වින්නැහියක් "
නිල් අහස යට .............
" මේ එහා ගෙදර කානුව හරවලා අපේ වැට ලගට ". පොලිසියට යමු නේද .?""අපේ වැටේ ඉන්න කඩලා මේක හරියන වැඩක් නෙමයි " දැන් ඉවසුවා ඇති ".සමහර ගෙවල් හතර වටේට වහලා හිර ගෙවල් වගේ . මොක්කු ඉන්නවද දන්නේ නෑ . අඩුම තරමේ සුදුද කළුද දන්නේ නැ.
"මැරෙනන් කලින්, මම මල්ශාලවට සල්ලිත් බැදලා"කාටවත් වදයක් නැ.
මේ තවත් සමහරු . අනේ ඉතින් වැස්සක් වැස්සා ඔක්කොම ගහගෙන යන්නම .
පස්වලට යට උනා . මිනි එක දෙක ගොඩ ගත්තා . සිංහල දෙමල ,මුස්ලිම් ඔක්කොම යට උනා සමුහ මිනි වලේ ඔක්කොම මිහිදන් උනා .
අනේ දෙවියනේ " වැස්ස කල වින්නැහියක් ".
වැස්ස වින්නැහියක් කලාද අපි අපිටම වින්නැහියක් උනාද කියලා බලන්න . ජිවිතේට පාඩමක් කියලා දුන්න සොබා දහම දියදහම. බලාපොරොත්තු හීන හිත් වලට ඕනේ ජීවිතය ගෙනියන්න .හැබැයි සීමාවක් තුල පමණක් . හොදම පාඩම අපිට ඉගැන්නුවේ වැස්ස ,සොබාදහම . මනුස්සකම එකතු කරගන්න පිං රැස්කරන්න ලෞකික දේවල් වලින් ඈත් වෙන්න ඉගැන්නුවේ වැස්ස .
හොද පාඩම් අපි හැමෝටම
නිල් අහස යට ........
No comments:
Post a Comment