Wednesday, June 1, 2016

ජීවිතයත් ගීතයක් වැනි ...

ගීතයක් ජීවිතය හා බැඳී ඇත ...
ගීත වලට පසුබිම් උන කථා රසවත් උනත් සමහර කථාඇසට කඳුලක් ගෙනෙයි ....
එවැනි නිර්මාණ ඕනේ තරම් අපට හමු උනත් 
ගීතය රස විදිනවා විනා එයට පාදක උන කථාව අපිට අදාළ නැති වෙන්න පුළුවන් .
මේ එවැනි වූ නිර්මාණයක් 
අද නිල් අහස යට ......
උපුටා ගැනීමක් ....
අපේ රටෙ හැම ව්‍යාපාරිකයෙක්ම තමන්ගෙ ව්‍යාපාර කටයුතු පටන් ගන්නෙ උදෙන්ම ආගම සිහි කරලා,
හැම කෙනෙක් වගේම එහෙමයි.. මල් ශාලාවක් අයිති කෙනක් උනත් එක එහෙමයි..
(ඔහු කරන වෙලදාම සාර්ථක වෙන්නෙ මිනිසුන් මැරෙන ප්‍රමාණ‍ය අනුවය.)
එක් මල් ශාලා අයිතිකරුවෙක් උදෑසනම තම ව්‍යාපාරික ස්ථානය ව්වෘත ක‍රන්න කලින් මෙ විදිහට බුදුන්ට පහන තියනව. එ මොහොතෙම ඔහුට පණිවිඩයක් එනවා තරුණ පෙම් යුවලක් දුම්රියට පැන මියගොස් ඇති බවට.. ඔහු ඉතාමත් සතුටින් තමන්ගේ ව්‍යාපාරික ස්ථානයට උදෑසනම පැමිණි කටයුත්ත නිසාවෙන් තමන් සතු මෝටර් රථය පිටත් කොට හරිනවා මල සිරුරු රැගෙන ඒමට.. නමුත් මල සිරුරු රැගෙන ආ පසුවයි ඔහු දකින්නේ එ තමාගේ දියණිය හා ඇගේ පෙමවතා බව.. මීට වසර ගණනාවකට පෙර කොළඹට නුදුරු ප්‍රදේශයකින් වාර්තා උන මේ සිද්දියට සේනානායක වෙරලියැද්දයන් මුසු කරන හඩ කෙත‍රම් සජීවීද බලන්න.. ජීවිතයේ අස්තිර භාවය ගැන කියවෙන ඉතාමත්ම අපූරූ පද සන්කල්පනාවක්.
පෙරුම් පුරාගෙන ආ සන්සාරේ පැතුමද සුනු විසුනුව වැටුණේ.. කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුම්‍‍රිය මොහොතක් නතර උනේ.. මලක් වගේ රොන් සුවද වගේ ජීවිතයේ සුව අපමණ වේ..//  දොලක් වගේ දිය දොත වගේ..ජීවිතයේ අම සිසිල දැනෙ.. වරක් නෙතග කදුලැලි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ..//  දිවිය මොන තරම් සුන්දරදෝ දුකම කොයිතරම් සතුටක්දෝ

ජිවිතයේ අනියත බව මානව වටහා දුන් මේ පද්‍ය

සංකල්පනාව ජිවිතයට යම්කිසි පාඩමක් කියා දුන්නා

නොඅනුමානයි ....



නිල් අහස යට ......

No comments:

Post a Comment