Wednesday, May 25, 2016

පුංචිම කාලේ...

පුංචි කාලේ.....
ජිවිතේ සරල වෙන තරමට . දුක අඩුයි .බැදීම් අඩුයි ,මේ දේවල් අඩු වෙන්න අඩුවෙන්න සසර ගමන කෙටි .
ඉතින් ඔන්න අද ලියන්නේ වෙනස් ම දෙයක් . සමහරු හිතයි ලියන්න දේවල් වෙන නැද්ද කියලා . තියනවා, නමුත් අතීතයේ සමහර සිද්ධි වර්තමානයේ සමහර සිද්ධි සමග හරි අපුරුවට ගැලපෙනවා . මොකද අපේ ජිවිත අතීතය සමග බැදිලා නිසා .
පුංචි කාලේ මම ආසම කරපු දෙයක් තමා මොනවා හරි දෙයක් පැණිරස දෙයක් ලැබුනොත් තනියම කන්න හිත . විශේෂයෙන් චොක්ලට් වගේ දේවල්,එක එදා කියලා නැ අද දරුවන් පවා එහෙමයි.මේවා සාමාන්‍ය සිදු වීම් . එත් අපි බෙදාගෙන කැවා ගෙදර සාමාජිකයෝ දහයක් ද විස්සක්ද නෙමයි උතුම්ම ගුණය බෙදාගෙන කෑම. පුංචිම කැල්ලක් ඉතුරු උනත් හරි සතුටින් ඔක්කොම එක්ක කෑවා. අද වෙද්දී තනියම කන්න ඕනේ තරම් අවස්ථාව . කන්න බැ .  මොකද එදා අපිත් එක්ක අපි ලගින්ම හිටපු අපේ ආච්චිලා සීයලා නැන්දලා මාමලා අද අපි ලග නැ. සමහරු ජිවතුන් අතර නැ සමහරු ඈත් වෙලා ගිහින් . අද බෙදාගෙන කන්න හිතෙන අවස්ථා එමටයි .එත් අපි එක්ක එදා හිටපු  අය අද නැ. අන්න එකයි මේ නිල් අහස යට අපුර්වත්වය...
එදා අම්මා කිව්වා අද වගේ මතකයි , "පුතේ කවදාවත් බදාගෙන කන්න එපා , බෙදා ගෙන කන්න " කියලා . අද ඇත්තටම හිතෙනවා අපි හැමෝම මේ නිල් අහස යටට තාවකාලික අමුත්තන් කියාලා . තියන දේ හරි සතුටින් හැමෝම එක්ක බෙදාගෙන කන එක වටිනා ගුණයක් . හැමදාටම 'වලංගු සිරිතක් '. 
මේ නිල් අහස යටට එන්න ඔබෙත් මගෙත් කතාව . 
හදවත් ඇති අයට පමණයි ....

No comments:

Post a Comment