Thursday, September 15, 2016

අත්තම්මලා....

අත්තම්මලා ....

ඉතිං ඉතිං
කොහොමද ඔයාට ..
සතුටෙන් සනීපෙන් ඇති කියලා 
හිතනවා ... :/
හිත කියනවා හැමදාම දකින්න 
කියලා ඒ මුණ .
එත් අවසර නැ මට ... :)
අද මාතෘකාව "අත්තම්මලා "
මම දන්නේ නැ කොච්චර දුරට ගැලපෙයිද කියලා 
මේ මාතෘකාව බ්ලොග් එකක ලියන්න .
එත් දෙයියනේ ලියන්න ලියන්න කියලා 
හිත කියනවා (ලියන්න අලුත් මාතෘකා සොයමින් ) :)
මට අදාල නැ මොනවද ලියන්න ඕනේ කියන දේ .
හිත කියන දේ ලියනවා .
ඒ මගේ හැටියක්නේ ... :D
අතීතයේ උන සමහර සිද්දි තාමත් අපිව ජිවත් කරවනවා .
හරියට එදා උනා වගේම .
හැබැයි මතකයන් විතරයි .
ඒ මතක වලින් මිදෙන්න බැ.
මං හරි ආදරෙයි .
ජීවිතය කියන්නේ සුන්දර නෙමයි උනත් .
අපි ඉවර වෙනකන් කතාව 
දන්නේ නැති පොතක් වගේ .
හා ...හා .. ඇති ඔය වැල්වටාරම් :D
බහිමු මාතෘකාවට .
(කන්න යමක් සොයමින් )

අත්තම්මලා දෙන්නයි .කටපුරා කියන්න පුළුවන් .
නුවර අත්තම්මයි ,මාතලේ අත්තම්මයි .
නුවර අත්තම්මා තාත්තගේ අම්මා .
මාතලේ අත්තම්මා අම්මගේ අම්මා .
අත්තම්මා කියන වචනේ එක උනාට ....
මේ අත්තම්මලා දෙන්න දෙවිදිහක් :)
ඔව් ලියන්න පුළුවන් පොත් ගණන් .වෙලාවකට කතන්දර පොතක් වගේ 
ඔහේ කියවනවා අපි අහන් ඉන්නවා .
වෙලාවකට කෑම වට්ටෝරු පොතක් වගේ .
කෑම හදනවා .
හරියටම මම වගේ... :D( එහෙම කිව්වේ මගේ අම්මි ):D
නුවර අත්තම්මා තමා මට පුංචි කාලේපොල් ගාන්න 
ඉගැන්නුවේ . ඇත්තමයි එකනම් ලොකුම පාඩම .
මොකද පොල් ගාන්න බැරි උදවියත් ඉන්නවනේ :D
මාතලේ අත්තම්මා පොළට ගිහින් දවසක් එද්දී 
ඔන්න පොඩි මැටි වලං ටිකක් 
ගෙනල්ලා දුන්නා .
මං කියන්නේ මට ජීවිතේට ලැබුණ ලොකුම කැමතිම 
තෑග්ග එක තමා .
ඔකේ මම නංගි එක්ක උයනවා .
ඉතුවෙච්ච පොල්,එළවලු වල නරක්වෙච්ච කෑලි අරන් 
උයනවා නංගි මමයි .
ඇත්තටම සුන්දරයි අතීතය 
එකයි ලේසියට අමතක නොවෙන්නේ .
අත්තම්මලා ගැන ලියන්න පුළුවන් පොතක් පිරෙන්නේ .
අනේ ඉතින් ජිවතුන් අතර නැති උනත් හැමදාම 
හිතේ නම් ඉන්නවා සත්තයි .
මම දන්නවා කොහේ හරි ඉදන් බලන් ඉන්නවා ඇති 
අපි දිහා :(
මේ මාතෘකාව ඉවර නැ .
තව දවසක් ලියනවා මම .
මතු සම්බන්දයි කියලා කියන්න කලින් 
දෙයක් තියනවා කියන්න .
වෙලාවට කන්න හොදද ... :)
ආදරෙයි අහස තරම් . OK..
නුවර අත්තම්මයි මමයි අහස දිහා බලාගෙන ඉන්නවා . 
පුංච් කාලේ දවසක .
මම ප්‍රශ්නයක් ඇහැව්වා මෙහෙම 
(මටත් ඕනේ නැති දෙයක් නැනේ )
ඇයි අත්තම්මා අපි බලන හැම හීනයක්ම සැබෑ වෙන්නේ නැත්තේ ..??
ඉතින් අත්තම්මා මෙහෙම කිව්වා .
අපි බලන හින වල අපි විතරක් නෙමයි ඉන්නේ .
ගොඩක් අය ඉන්නවා . ඒ අය අපේ හින ගැන දන්නේ නැ.
අපි ඒ අයට කියන්නෙත් නැ. ඒ අය දැනගත්තනම් 
අපිට  එයාලා එක්ක අපේ හින වලට යන්න තිබුනා කියලා .
එදා නම් මට මෙලොව දෙයක් තේරුනේ නැ.
එත් දැන් හිතෙනවා ඒ කියපු දේ 
කොච්චර ඇත්තද කියලා (හරියට මගේ හීනෙ ඔයා ඉන්නවා වගේ ) :/
අපහු දවසක හමුවෙමු අත්තම්මලාගේ කතාවෙන් 
දැනට ඇති .
වැඩ කෝටියි
තාම එකක්වත් කරලා නැ.
බලන්නකෝ  එකෙත් හැටි :D
bye
මම වයසට ගිහාම ඔන්න ඔයවගේ ඉදි :D

නිල් අහස යට 




No comments:

Post a Comment