ස්ත්රී.....
ගැහැණිය ඔව් අපේ කාලයේ මාතෘකාව .
මේ මාතෘකාව පිවිසෙන්න කාලයක් ගියා වැඩිද කියලත් හිතුනා
වාරයක් නොතිබුණාම නොවේ ...පැනක් කොලයක් අරන් ලියන්න හිතුනත්
පටන් ගැන්ම ගැන ඒහැටි අවබෝදයක් නැතිකමද කියලත් සිතුනා...
වටපිට බලද්දී නම් කිසිම අඩුවක් පාඩුවක් නැතිව කාන්තාව ගැන කවි දහසක් උනත්
තවමත් දුක් විදින කාන්තාවන් නැතුවම නොවේ . මේ කියන්න හදන්නේ එක්කෙනෙක් දෙන්නෙක් ගැන නොවෙයි සියලුම කාන්තාවන් ගැන .
කවියෙකුගේ සිතුවිල්ලක් උනේ ගැහැනියගේ අග පසග , රුපය ,බැල්ම, හැසිරීම ආදී දේවල් මිසක හදවත, දුක ,වේදනාව ,කටුක ජීවිතය ගැන නොවෙයි .ගමේ සිරියාවති , තන්ගම්මා ත් ගැහැණු වූ කලි පටාචාරා විහාරමහාදේවි මේ අතර හිටියම නොවේ .....
මොනාලිසාත් ගැහැනියක් නේ කියලා හිතුනේ ලියනාඩෝ ගේ චිත්රයක් නිසා ම නොවේද ...??
සත්තකින්ම ඔව් හැඩ කර කර රුපය ගැන කිව්වට ගැහැණු හිත ගැන දන්නේ කියෙන් කීදෙනාද...????
මේ තරමටම කතා කරන්න උවමනාව තිබුන තවත් දවසක් අපි නිවිහැනහිල්ලේ කථාබහ කරමු .මේ ගැන ... :) මේ ගැන කිව්වේ ස්ත්රිය ගැහැණිය නැත්තන් කාන්තාව ගැන ඔව් .....
ගැහැනියකුගේ ජීවිතයත්ම හරියට මතුසම්බන්ද කතාවක් වගෙයි අවසානයක් නැති නවත්තපු තැකින් පටන් ගන්න ....
මතුසම්බන්ද කතාවේ .....
අවසානය මෙහෙම නිමා කරමුද
බයිබලයේ සදහන් වෙනවා එක්තරා තැනක මෙහෙම ....
''අමනකම'' වූ කලී කටකාර , අනුවණ විලිබිය නැති ගැහැණිය වැනිය .
''ගුණ සම්පන්න වනිතාව ඇගේ පුරුෂයාට කිරුළකි. අවමන් ගෙන දෙන කාන්තාව ඔහුගේ ඇටකටු වලට පිලිකාවකි .''
පබළු වැහි ........
No comments:
Post a Comment