කණාමැදිරි එළියටත් බය උනු
මේ හිත .....
ගල් ගැහිලා....
මහමේරු පර්වතයක් වගේ
හිත් අහස .....
ඉඩෝරයට පරවෙච්ච මල් වල
සුවද කොහෙද....
බිඳුණු හිත්වල කොහින්ද ආදරය ....
එකම එක හුස්මක්වත් මග නොඇර
පෙම් කල හිතට .....
දුක දීලා හැංගුනාට....
මේ හිත තවම සොයන්නේ
පරිස්සමට ආදරේ කළ ඒ හිත...
අනේ.....
පාර කියනවද පබළු වැස්ස
ගිම්හානයේ දොරකඩ...
වසන්තය අතවනකොට ....
ඔබ ගියමංසලකුණු
හොයන්න ....
පබළු වැහි.......
No comments:
Post a Comment