Wednesday, June 29, 2016

''පුදන කොටම කාපි යකා '''කිව්වලු

පුදන කොටම කාපි යකා.....



මේ මොකද්ද මේ ...??
අද නම් මෙයාට පිස්සු තද වෙලා කියලා හිතයි .
දකින අය ... :) 
කොහොමත් හැමෝටම වගේ හැංගිච්ච පොඩි පිස්සුවක් තියනවා තමා මටත් . නෑ කියන්නේ නැ. මේ දවස් වල සිතුවිලි වලට ටිකක් ''හිතහොරයි '' එත් ලියන්න හිතෙනවා මොනවම හරි දෙයක් .ලියන්න නැත්තන් කුරුටු බලියක්වත් අදින්න ඕනේ අනේ මන්ද ... :p
මාතෘකාව ටිකක් බැරෑරුම් හැබැයි එකේ ගතියක් තියනවා වගේම තේරුමත් ගැඹුරුයි .
අපි ඒ ගැන පසුව කතා කරමු නේද...??
නිදහසේ ලියන්න හොදම තැන මෙතන .මොකද මෙතන මගේ නිසා . අනුන්ගේ තැන්වල ලියන්න බැ . කොටුවෙලා රාමුවක මට කරන්න බැරිම වැඩක් . එයාලට අපි කියන දේවල් සමහර විට පිළිගන්න බැරි වෙනවා . අතීතයේ ඒ වගේ පාඩම් නැතුවම නෙමයි . මගේ තැන මගේ මගේ අනන්‍යතාව. කැමති අය බලයි අකමැති අය නොබලයි . කමක් නැ.
ඉතින් ඔන්න ''වැල්වටාරම්''  නැතුව මාතෘකාවට බහිමු.
මේක එක කතාවක් නෙමයි ගොඩක් කතා ගැන . සරලවම කිව්වොත් ''අච්චාරුවක් '' වගේ . හැමෝම කැමති නේ අච්චාරු වලට . එකෙත් අමුතු රසයක් තියනවා . එහෙම නේද ..??

අච්චාරු හදන්න දන්නවා හැබැයි අම්මා තරමට බැ. ඒ කොහොම වෙතත් අම්මා හැමතැන ම ඉන්නවා . ඔව් අම්මා තමයි ජීවිතේට පාඩම් කියලා දුන්නේ . අම්මා සැරයි ටිකක්හැ.බැයි කියලා දීපුවා සත්තයි අදට වලංගුයි .
ගොඩක් දේවල් ඉගන ගත්තේ අම්මගෙන් අත්තම්මලගෙන් .
අම්මා මට පොඩිකාලේ ගැහැව්වම මම හයියෙන් අඩනවා . 

අඬලා අඬලා
අම්මා ලගට ගිහින් අහනවා '' අම්මි ඇයි මට ගැහැව්වේ ..?? ඔයා මට ආදරේ නැ නේද කියලා " අම්මා හැමදාම දීපු උත්තරේ තමයි '' මම මේකට උත්තරේ දැන් දෙන්නේ නැ . ඔයාටම දවසක තේරුම් යයි කියලා '' ඇත්තටම දැන් තේරෙනවා . එදා එහෙම කලේ නිසා තමා අද අපි හොදින් ජිවත් වෙන්නේ . 
අම්මා කියන්නේ මැණිකක් . හයියෙන් ඇවිදින්නවත් දෙන්නේ නැ . හයියෙන් කතා කරන්න . මොකුත් බැ . ගෙවල් වලනම් යන්න දුන්නෙම නැ වැඩක් නැත්තන් ඇදට වෙලා නිදා ගන්න ඕනේ. එහෙමයි එයාගේ නීති . අදත් ඒ පුරුද්ද ....
හයියෙන් ඇවිදින්න එපා . මිදුල අතු ගද්දි  හෙමිට . මං අහනවා ඇයි ඒ කියලා. මටත් ඕනේ නැති දෙයක් නැ. වෙලාවකට . එතකොට කිව්වේ පොලවට අපි රිද්දන්න හොද නැ කියලා .පොළව අපිව දරාගෙන ඉන්නවා කියලා අම්මා කිව්වේ .අපි පොලවට රිද්දන්න හොද නෑ කියලා .ගහක කොළයක්වත් පුච්චන්න දුන්නේ නැ ඒ තරමට ආදරෙයි . ඒවා අයිති මහා පොළවට කියලයි කිව්වේ.
ඔව් එක කොච්චර ඇත්තක්ද ..??
අද වෙද්දී සොබා දහම නැති වේගන එනවා . අම්මා කිව්වා දේ හරි . අපිට මොකුත් අයිති නෑ.
හැබැයි අයිතීන් ගැන කතාකරන්නේ මිනිස්සුමයි .
මෙහෙම හිතමු ....
මිනිස්සු දහා දෙනෙක් ගත්තොත් . ඒ අයගෙන් ලිපිනය මොකද්ද කියලා ඇහැව්වොත් කියයි සියක් තැන්. මෙතනත්  මගේ එතනත් මගේ කියලා .
හැබැයි සත්තු දස දෙනෙක් අරන් ඔය ප්‍රශ්නෙම ඇහැව්වොත් කියයි .
'' අපේ ලිපිනය ''කැලය '' කියලා . එහෙනම් ඇයි අපි එයාලට අයිති කැලය උදුරාගන්නේ . අපේ පුංචි හරි දෙයක් නැති උනාම . අපි හයියෙන් කෑගහනවා . අපි නීති හදාගන්නවා අපේම උසාවි වල . හැබැයි සත්තුන්ට එහෙම බැ. මිනිස්සු අපි හිතන්න ඕනේ මේ දේවල් ගැන .ඔව්.
ගහක් හිතනවද කවදාවත් '' මම හෙවන දෙන්න ඕනේ සිංහල මිනිහට විතරයි '' . '' මං ආශ්වාස කරන්න වාතය දෙන්න ඕනේ දෙමල මිනිහට විතරයි '', මේ විදහට හිතුවනම් සොබා දහම අද අපි ගොඩක් අසරණයි .
එහෙම නේද ........??

මේ හිතන්න කාලයයි . මිනිස්සු හැටියට අපි හැමෝම ඉපදෙද්දී අපිට පොතක් හම්බෙනවා . ඒ පොත හිස්  පොතක් , එපොතේ පිටු එකින් එක අපි ලියන්නේ .ඒ හැම පරිච්ඡේදයක් අපි අපේ ජිවිත කාලේදී ලියන්නේ අපි මැරුණම පොත වැහෙනවා . අපහු කවුරුවත් ඒ පොත පෙරලන්නේ නැ . නමුත් අපි කරපු හොද දේවල් පොතේ ලිය උනා වගේම .මිනිස්සුන්ගේ හිත්වලත් ලියවෙනවා . සදහටම . මේ දහම මං ඉගන ගත්තේ කිතුණුවෙක් විදිහට බයිබලයෙන් .

අන්න ඒ නිසයි හැමදේ ගැනම හිතන්න ඕනේ ..
දෙපාරක් නෙමයි සිය පාරක් හරි හිතලා වැඩ කරන්න ඕනේ .
නැත්තන් ''පුදන කොට කාපි යකා ''කිව්වා වගේ  අපි ලගින් අපි ආදරේ කරන දේවල් නැතිවෙලා ගිහින් . දැන් හම්බුනා නේද උත්තරය ... :)

එහෙම නේද .........???
අම්මෝ මට මහන්සි දැන්නම් ... :D
ඔය ඇති ලිව්වා ...
උයන්න තියන වේලාවෙන් පොඩ්ඩක් අරන් ලිව්වේ .

හැමදේම දවසක හොදින් සිද්ද වෙයි . ඔව් මට විශ්වාසයි .
අතීතයට ගියා .හැබැයි අතීතයේ නතර වෙන්න හොද තැනක්නැ නෙමයි . අපහු අවා. වර්තමානයේ ඉදලා අනාගතය සාර්ථක කරගමු නේද ...

උයන එකත් මහා ඉසරදයක් වෙලාවකට .
එත් බඩ අහන්නේ නැනේ ...
එකනේ ප්‍රශ්නේ .
ඔන්න මං ගියා ..........:)
ආයමත්  හමුවෙමු 
නිල් අහසම යටදී තව දවසක .................
අපි ගියා

Tuesday, June 28, 2016

ඔබව තමා මේ අමතන්නේ .......

ඔබම තමා මේ අමතන්නේ ..............


හරි හෙමින් හරි හෙමින් සිත පුරා දගලද්දී 
සුදු පාට මල් රෝස හිත පුරා ඇතිරෙද්දී
ආදරෙයි ආදරෙයි කිය කියා මං කියද්දී 
ඇයි ගියේ ඇතටම පාළුවත් ලංවෙද්දී........

හැමදාම රැට මං හීනෙන් කියවද්දී 
කොදුර කොදුර ආදරෙන් ලං වෙන්න දගලද්දී 
පැත්තකට වී ඔයා නොඇසුනා සේ ඉද්දි 
අනේ මං හැඩුවේ කදුළු පුරවන් ඈස් අගදී ..........


කහටක්  නම් නැ ඔයා ගැන මේ වෙද්දී 
ආදරෙයි තවම මම  ලංවෙන්න බැරි වෙද්දීත්
ලෝ දහම පසක් වී මගේ හිතට දැන් වෙද්දී 
කාලයත් ඔහේ ගෙවෙයි සුසුම් පොද තැවරෙද්දී..........

දෙවිවරුත්  මියැදෙනා කලක මේ අපි ඉන්න 
ලියු කවි පොත් වලත් කොළ ඉරිලා දැන් වෙද්දී 
හිතේ නම් තාමත් ඔයා මයි ගුලිවෙච්චි 
දුරින් හිටියත් අනේ මේ දුකත් හරි මිහිරි ............


ඔලුව උඩ ''මහා කන්ද '' බර වෙලා දැන් වෙද්දී 
කුරුටු ගී උනේ ඇයි මං ලිව්ව කවි පේළි
අමාවක රැයේ  දී  හඳක් වී දිලී
ඉන්න කැමතිද ආයමත් පෙර වගේම දිලී දිලී...........

නිල් අහස යට ...............................

Monday, June 27, 2016

කම්මැලි කමට නැද්ද උපමා ....

කුරුළු පිහාටුවකට මේ බර සැහැල්ලු කරන්න දුන්නනම් ......


කුරුටු ගානවා ,කුරුටු ගානවා . මේ දවස් වල මොලේට කිසිදෙයක් එන්නේ නැති හැටි . අනේ මන්දා ඔලුවේ මහා බරක් වගේ , හරියටම ''එවරස්ට් කන්දම ''ඔලුව උඩ වගේ . මහා බරක් මේක .. මොකද්ද කියන්න තේරුම් ගන්න බැ. බිමින් තියන්න කියලා හිතුනා . එත් ලොබ කමක් වගෙත් දැනුනා . මේ රටේ වරදක්ද දන්නෙත් නැ. මගේ රටත් මතක් වෙන්නව . වෙලාවකට ඉවරයක් නෑ. අම්මා තාත්තා නංගි . මතක් උනා කියලා යන්නද ...???
ඒකාකාරී ජිවිතයක් වෙලාවකට හිතෙනවා හිරේ වැටිලා වගේ කියලා . :) 
ඒරාෂ්ඨක අපලයක්ද මන්දා .:D මෙහෙම උනේ . හි හි හි :) මේවා ඉතින් කාට කියන්නද කවුරුත් අහන එකකුත් නැ , ඔන්න ඔහේ මෙකෙවත් ලියලා තිබ්බොත් කවුරුම හරි බලන්නේ නැතැ . \
බලන අයටත් පිස්සු හැදෙනවා දෙකක් නැ. :) 

වෙලාවකට හිතෙනවා ''මේ රටේ මිනිස්සුත් කෙලින්නේ පිස්සු කියලා''
හැබැයි අපේ රට තරම්ම නැ :) පාඩුවේ ඉන්නවා . හිනා වෙනවා දැක්ක තැන . වැඩේ කියන්නේ අපේ රටේ ගොයියෝ මෙහෙ ආවම හිනත් නැ කථාත් නැ. ලෙඩක් බෝ  වෙනවද මන්ද :D. 
සල්ලි දිලවත් හිනාව ගන්න බැ. 
දෙයියෝ තමා දන්නේ ඉතින් මොකද කියලා.
ලංකාවේ හැමෝම හරි වෙනස් තමා කියන්න තියෙන්නේ .
අනේ මන්දා :/
ගෙදර වැඩත් ඇති වෙලා . වෙලාවකට උයනවා කනවා බොනවා නිදා ගන්නවා . ''අම්මේ '' එකත් හරි මහන්සි වගේ .
වැඩක් නැත්තම් මොකද දන්නවද කරන්නේ 
අල්මාරියේ තියන ඇදුම් ඔක්කොම බිමට දාලා අපහු මුල ඉදලා 
නමනවා . හි හි හි :D 

ඔය අදහස පුරුදු කරේ අම්මා.
අම්මා කියන්නේ අල්මරියෙන්ලු ගැනුන්ගේ චරිතේ මනින්නේ .
මට බයයි . ඇදුම් තියන විදිහටලු එයාගේ ''ක්‍රියා කලාපයත් ''
අනේ මන්දා අම්මා කිව්වේ .
අම්මා කිව්වනම් ඇත්තකුත් ඇති නැති වෙන්න බැ.
ඔව් ඉතින් ගැහැනියක් කියන්නේ හැමදේම පිළිවල වෙන්න ඕනේ .
නැත්තන් ඉතින් ඒ ගෑණු කමෙන් ඇති වැඩකුත් නැනේ .
මං බැලුවේ ''මට පුලුවන්ද'' කියලා .
පුළුවන් ,පුළුවන් 
අම්මෝ ඇති යන්නතම් ඒ විභාගෙන් ගොඩ ...:)
උයන්නත් පුළුවන් රසටම .අගිලිත් කළා තමා පිගාන හෝදන්නේ .
වැඩත් පිළිවෙලයි .ඔව් මන් තරම් මං ගැන කවුරු කියන්නද .
මගේ සහතිකේ කටත් වඩා හොදට මට ලියන්න පුළුවන් ... :)
දැන්නම් ඇති වගේ ලිව්වා .
බලන අයටත් එපාම වෙලා ඇති .
හිතෙන බනිනවා ඇති 
මේ මොන ''පිස්සුවක්ද ''කියලා 
මටනම් කියන්න තියෙන්නේ 
පිස්සොත් ඉන්න ඕනේ මන් වගේ .... :p 
''අම්මේ ''
තවත් බනින්න කලින් ඔලුවේ හිටං රෙද්දක් පොරවන් නිදා ගන්නවා .
එක සැපයි ....
සුබ දවසක් ..........!!!


නිල් අහස යට ................ :)

Sunday, June 26, 2016

මහත්තයෝ ඔයාට .....

මහත්තයෝ ඔයාට ....


තට්ටු ගණන් සිතුවිලි එක්ක .....
''වෙට්ටු'' දමා සිතුවිලි අහුලාගෙන ...
ඔබ ගැන කවි කරන්න ....
මදි මේ ''ඉඩ කඩ''...
''වැල්වටාරම් ''  නැති ජිවිතේ 
ගොඩ නගන්න ඔබ වෙන මහන්සියට 
මල් මිටක් වෙන්න ....
කවි කොළ නෙමයි 
පොත් ගණනාවක් උවත් 
ලියන්න හැකි .....
ජිවිතයට අරුත කියා දුන්න 
ඔයාට ....
මං ගිරවියක් වගේ ඔහේ 
කියවද්දී ....
අහන් ඉදලා ....
කට කොනකින් හිනා වෙලා ....
වචන තුන හතරක් කිව්වෙත් 
හරි අමාරුවෙන් ....
ඔබ නිහඩයි ...
නිහඩ ආදරය ...
නිහඩ කවිය ...
නිහඩ සිතුවිල්ල ....
ජිවිතයේ කෙදිනකවත් 
මගේ හිත නොරිද්දපු 
වචනයකින්වත් 
අඩුම තරමේ ......
''පිනට '' පහළ උන නෙමයි 
ආත්ම ගණනක සිතුවිලි එක්ක 
පෙරුම් පුරාගෙන 
ආපු .....
මහත්තයෝ ඔයාටයි මේ ......


කවි දහසක් නොලිව්වාට
පද එක දෙක නොගලපුනට 
හැමදාමත් ලගින් උන්නේ 
ඔබ විතරයි පහන් එළිය.....

හරි දෙවල්  ගැනම කිව්ව
වැරදුණු දේ හදාගන්න 
ඔබ විතරයි හැමදාමත් 
''තාත්තා '' වගේ ලගින් ඉන්න 

රස කර කර කථා කියා 
ලෙඩ උනාම හිස අතගා 
පන් පැදුරේ ඔයයි මමයි  
හැමදාමත් තනි රකින්න 


රණ්ඩු කරත් විනාඩියයි 
තරහා උනත් විනාඩියයි 
ඔබත් එක්ක ගෙවන දිවිය 
මී පැණි වගේ රස ගගුලයි 

ගෙතුවෙම නැ කවි දහසක් 
ඔබේ නමට මා මෙතුවක් 
ඔබේ ගුණ කඳ කවි කරන්න 
අකුරුත් මදි හෝඩියේම....

රස මස 'ලු නැතුවත් මට 
ඔබ ඉන්නවනම් ලගින්ම 
සත්තයි මේ ලෝ තලයේ 
නැනේ දුකක් සතුටක් මිස ...


සිහිල් පවන් රැළි වාගෙයි 
ඔබ එක්කලා ගෙවන දිවිය 
මතු මතු හැම භාවයකදිම 
පතමි ඔබව මගේ වෙන්නට ...

වාසනාව මගේ දිවියට 
ගෙනත් දුන්න රන් ප්‍රදීපය 
තිස් තුන් කෝටියක් දෙවියෝ 
රැකදේවා බුදු සරණින් ........
නිල් අහස යට ......................................................

Saturday, June 25, 2016

Forever Forever (Stay with me)

Forever Forever (Stay with me)


life after life we have to walk together like this only,
take an oath, meet me here only..
we are one life, even if these are two different bodies,
always remain mine, never say good bye.....

you are my morning,
and you are the evening,
you are the pain and you are the peace,
from my prayers, only this call comes,
always remain mine, never say goodbye..

both my worlds are in your arms,
wherever you stay, my heaven is there only..
this fire that is there on both the sides,
this fire should never extinguish, this is my prayer 
you are my wish, I am your love,
you are my poetry, I am your music..


I have a longing just for you..
you become an intoxication above all others and dissolve in me,
you pay this back for my love,
always remain mine, never say goodbye..


Wednesday, June 22, 2016

ඔබට .....

ඔබට.....


ජිවිත කථාවේ මුලටම 
තියන්න .....
බැරිම උනාට ....
හදවත අතට 
අරන් .....
බැලුවනම් ,
අතන,මෙතන ,කොතනකත් 
ඔබම තමයි .....
ලංවෙන්න ,
කොදුරන්න ,
දැවටෙන්න බැරි උනාට ....
හැම හිනෙකම 
අස්සක් ,මුල්ලක් 
නෑර....
ඔබම තමයි ....
එපාම කියලා හිතලා 
දාලම යන්න ගියාට 
අඩි තුනක් ඉදිරියට 
ගියාට ...
අපහු හැරිලා ...
අඩි දහයක් පිටිපස්සට 
ගිහින් බැලුවේ 
ඔයා හොදින්ද 
කියලා ....
දන්නවද ආදරේට .....
කියලා ....

පියා ගත්තට ඇස්...
නින්දට ....
මනසේ ...
අස්සක් මුල්ලක් නෑර
හෝල්මන් කරන්නේ 
කවුද කියලා 
දන්නවනම් 
ඔබ දාලා යන්නේ 
නෑ මෙතරම් 
දුර සත්තයි 
ලගින්ම ඉඳි .......

මනස හදවතට 
ලං කරගෙන 
ඔයාව හොයන 
තරමට .....
ඈතින් ඉදන් 
හුමිටි තිබ්බට 
මම දන්නවා 
ඔයා මට දුරයි .....
ඔබට ලියපු කවි 
වල අරුත 
වැටහුණා නම් ...
එනවා ලගට 
දවසක 
සත්තයි 
මේ නිල් අහස යටදී 
කවි වල 
අයිතිය අරන් යන්න 



නිල් අහස යට .......

Monday, June 20, 2016

මලක කතාවක්.

මලක කතාවක් ..........................


මල් පොහොට්ටුවක් 
පෙති එක දෙක 
දිග හරින්නේ ....
හරි අපුරුවට 
ඔන්න දැන් 
මම මලක් වෙලා 
පිපුණා....
ලෝකෙටම සුවඳ 
විහිදුවන්න ....
බලන්න මගේ හැඩ
කියලා කියන්න 
මිසක් .....
අනේ මල කඩලා 
පෙති තලලා 
පොඩි කරලා....
අතට අරං 
මලේ හැඩ බලන්න
නම් නෙමයි .....
මල දන්නව නම් 
දවසක මේ මල 
පරවෙනවා කියලා 
මල නටුවේ තිබුනත් 
කඩලා හැඩ බැලුවත් 
ඔය කොහොම 
වෙතත් ......
මල මැල වෙනවා
පරවෙනවා .....
හැබැයි එක දෙයක් 
"මලක හැඩරුව 
නොදත් අතකින් "
නම්......
සත්තයි....
මල ඉක්මනින් 
පරවෙලා පෙති 
පොඩි වෙනවා .....
හැබැයි ...
ලස්සනට පිපිලා 
ගහක තියෙද්දී 
නටුවේදී මල පිපෙද්දී 
එහෙම වෙයිද ...
ප්‍රශ්නයක්...???
ලෝක ධර්මය ....
දවසක හැමදේම 
"ඇසිල්ලකින්"නැති වෙලා 
යන වග ....


නිල් අහස යට 
මලක කතාවක් ................


Thursday, June 16, 2016

මිතුරු දම්...

මිතුරු දම....



සැරින් සැරේ
හෙමින් හෙමින් 
ළඟට ඇවිත් .....
විටක සිත ගත පිනවමින් 
ලගින්ම හිද ....
විටක දුක ඉතිරි කර 
හරියටම සුළඟ වගේ ...
ඇතට යන දෙයක් 
නෙමයි ......
"මිතු දම  "
කුණාටු ආවත් 
නිසොල්මනේ ....
හරියටම ....
"මහා මෙරු "පර්වතේ 
වගේ ශක්තිමත් වෙන්න 
ඕනේ .....
ඇති දාටත් නැති දාටත් 
වෙනසක් වෙන්න බැ ....
ළගින්ම ඉන්න ඕනේ ...
පණට පණ සේ 
නොසැලෙන ගුණයෙන් ...
නොවෙනස් ගුණයක් 
වෙතොත් 
එයයි ...
"මිතු දම "

නිල් අහස යට .............

Wednesday, June 8, 2016

පුංචි කාලේ දග වැඩ.

පුංච් කාලේ උන හදියක් .....



අලුත් දවසක් එක්ක අලුත් සිතුවිල්ලක් .බෙදා ගන්න ඔබත් සමග .මෙක අපි "කෙටි කතාවක් "කියලා හිතමු .පුංචි කාලේ කරපු දග වැඩක් . තනියම නෙමයි නංගි එක්ක .මගේ එකම සහෝදරිය ......
එකමත් එක රටක කථා වලට  වඩා වෙනස් කතාවක් ... :D
හැදින්වීමක් කළොත්පුංචි කාලේ ගැන සත්තයි ආයමත් යන්න හිතෙන කාලපරිච්ඡේදයක් කිව්වොත් නිවැරදි . අම්මා තාත්තා ආච්චි සියා නැන්දලා
පුංච්ලා වටකරගෙන ඒ ගෙවුණු අතීතේ මහා මිහිරි අමුත්තක් තියනවා .
කිසිම දුකක් ප්‍රශ්නයක් නෑ . ඇදට වැටුන ගමන් මැරිලා වගේ නින්ද යනවා . ප්‍රශ්න තිබුනත් විසදන්න අය හිටියා . අම්මා තාත්තා රජ්ජුරුවොයි රැජිනයි වගේ . 
ඇත්තමයි ඒ ඇතිතේ සුන්නදරයි .මට මෙහෙම හිතුනා ."පුංචි සංදිය සින්නක්කරව ළග තියාගන්න හිතුනනම් "හොදයි කියලා .
අර ගීතයක ලස්සන පදවැල් කිහිපයක් මතක් උනා .

'' නංගියේ මල්ලියේ මල්ලියේ නංගියේ 
මට දෙන්න මගේ පුංචි කාලේ මට දෙන්න මගේ පුංචි කාලේ''


ඒ තරමට අපුරුයි ........
දැන් අපි කතාවට බහිමු ..
ඉතින් මේ සිද්දිය වෙද්දී මම දෙක වසරේ ඉගෙනුම ලබනවා . මගේ නැගණිය පොඩි, පාසැල් යන්නේ නැ මගේ මතකය හරිනම් .අපි ජිවත් උනේ අපේ මිත්තනියගේ නිවසේ . ඒ කිව්වේ මගේ අම්මාගේ අම්මගේ නිවසේ අපි ජිවත් උනේ . ඒ ගම ගැන හැදින්වීමක් කළා නම් ,
මාතලේ නගරයේ සිට සැතපුම් දාසයක් ගෙවාගෙන ආවම පල්ලේපොළ කියන සුන්දර ග්‍රාමයේ අපි ජිවත් උනේ . හරිත පාට වෙල් යායවල් එක්ක ලස්සන සුන්දර පුංචි ගමක ඒ ගේ පිහිටියේ . මහපාරට මුහුණලා උවත් .දවසකට වාහන දහයකට වඩා ගමන් කලේ නැති බව මට විශ්වාසයි .
ඒ හේතුව නිසා පාර අයිනේ උවත් ඒ තරම් ඝෝෂාකාරී  බවක් දැනුනේ නැති තරම් .
නිවසට වම් පසින් විශාල පොල් ගසක් හා අඹ ගසක් පිහිටා තිබුණේය.
මුළුතැන් ගෙයත් පිගිටියේ මේ වම පසින් ම විය .මුළුතැන් ගේ එක්කම තිබුනේ විශාල ජම්බෝල ගස් දෙකක්ය . එයින් එක ගසක නංගිටත් මටත් පැදීම සදහා ඔන්චිල්ලාවක් විය .

මන් මුලින් සදහන් කල පොල් ගසට ටිකක් එහාට වෙන්න බොහොම ලස්සන මල්වලින් බර උන බෝගන්විලා පදුරක්ද තිබුණාය. ඔය පැදුර ඇතුලේ තමයි නංගිගේත් මගෙත් සෙල්ලම් ගෙය නිර්මාණය උනේ .
වැඩිහිටියන්  ටිකක් අකමැති උනේ ඒ සෙල්ලම් ගෙට මුලිකම හේතුව උනේ පොල්ගස ලග වීමත් බෝගන්විලා ගසේ කටු ඇති නිසාත්ය . එයාලගේ අකමැත්ත කෙසේ වෙතත් ,නංගි මායි කැමතිම සෙල්ලම් ගෙය කිව්වොත් නිවැරදිය . අදටත් බෝගන්විලා ගසට විශාල කැමැත්තක් දක්වන්නේ අන්න ඒ නිසාය .

ඔය විදිහට කාලය ගෙවෙද්දී , ආ.......... "මට වැදගත්ම කාරණාව කියන්න 
අමතක උනානේ "
අපේ මුළුතැන් ගෙට පහලින් තිබුනේ සුන්දර වෙල්යායක් . මෙන්න මෙහෙම අපේ ගෙදර ජම්බෝල ගස් දෙක ඊටපස්සේ පුංචි ඇළක් ඊට පස්සේ ඔන්න වෙල්යාය .
ඔය වෙල්ලයයේ වම්පැත්තට වෙන්න ළිං දෙකක් තිබුනා . එක ළිදක් බිමට ඒ ලිදට කිව්වේ "පුහුළිද"කියලා. ඊට හරියටම මීටර් 100 දුරින් අනිත් ලිඳ . ඒ ලිඳ නෑම සදහායි . ''ගල් ලිඳ " කියලයි ඒ ලිඳ නම් කරලා තිබුනේ .ගල් ලිඳ අඩි හතරක් ගැඹුරුයි සමච්තුරශ්‍ර හැඩයක් ගත්තේ පොලවේ ඉදලා අඩි තුනයි  උස වටම සිමෙන්තියෙන් නිමකරවා තිබුනේ .
හරිම අපුරුයි .සුන්දරයි මේ මතකයන්. 
ඉතින් ඔන්න ඔයවගේ සුන්දර ගම්මානයක අපේ පුංචි සන්දිය ගෙවුනේ .
ඉතින් සෙල්ලමට මාතෘකා හොයන කාලේ අපි දෙන්නා විවිඩ සෙල්ලම් වෙලාවකට ගුරුවාරියක් වෙලාවකට නර්ස් නෝනලා වෙලාවකට බස් එකක යන අය. නැත්තන්  TV එකේ ගිය රොබින් හුඩ් කතා කාටුන් කතා . අපේ සෙල්ලම් ගෙදර මාතෘකා විය.

එදත් මාතෘකාවක් හෙව්වේ අනේ අහිංසකව සෙල්ලමක් කරන්න හිතාගෙන .එදා අපේ මාතෘකාව උනේ කුණු පුච්චන්න . ඒ කිව්වේ කොළ කෑලි ඔන්න ඔයවගේ දේවල් පුච්චමු කියලා හිතාගෙන සෙල්ලම පටන් ගත්තේ .

කිවයුතු කරණාව නම්  අපේ නිවසේ ගිනිපෙට්ටි පිහි වැනි දේවල් අපේ අම්මා හංගලා තිබුනේ මොකට අම්මට අපිව විශ්වාස නැති නිසා ... :)
ගින්දර හොයා ගත්තේ ලිපෙන් . මොකද ඒ කලේ තිබුනේ නෑ ගැස් ලිප් . ඉවුම් පිහුම් කලේ දර ලිපේ . නිතරම ඔය ලිපේ ගින්දර තිබුනා ලේසියෙන් නිමුවේ නැ. වැඩිහිටියන් එහාට මෙහාට වෙනකන් ඉදලා ගින්දර ටිකක්  "ඉස්සුවා " කිව්වොත් නිවැරදි . :D 
දැන් හොදටම ගිණි ගොඩ ඇවිලෙනවා . නංගිටයි මටයි හරි සතුටුයි . 
මේ කතාවේ ප්‍රධාන චරිතේ එන්නේ ඔන්න දැන් .
මං මුලින් සදහන් කලේ වෙල් යායක් ගැන , ඔය වෙල්යායේ අපේ ගේ කිට්ටුවම තිබුන වෙල්යායේ ගොවි මහතා පවුලට ටිකක් හිතවත් , සුමනෙට තුන් හතර වතාවක් වෙල් යායට අනිවාර්යයෙන්ම වාර්තා කල චරිතයක් කිව්වොත් නිවැරදි . ඉතින් මේ මනුස්සය තමුන් ඇදන් එන ඇදුම් කිව්වේ සරම කමිසේ ඔරලෝසුව හා ඊට අමතරව කරට දාන ලේන්සුව ඔය සියල්ලම ගලවලා අපේ ගේ ලගට වෙන්න තිබුන නියර උඩ තියලා ඔහුගේ වැඩ පටන් ගන්නේ . ඉතින් එදා සෙල්ලම් ගෙදරට මේ මනුස්සයා මාතෘකාවක් වෙයි කියලා සත්තකින් ඒ මනුස්සයාවත් අපේ ගෙදර උදවියත් 'හීනෙන්වත්' හිතන්න නැතුව ඇති ..... 
නංගි මට වඩා ටිකක් දගයි . හැමෝම දන්නා කරුණක් එක ... :)
නංගි කිව්වා අන්න අතන අදුම් වගයක් තියනවා අපි ඒ ටිකත් ගෙනල්ලා මේකට දාමු නේද  අක්කි කියලා . මටත් එකේ "බරක් පතලක් "තේරුනේ නැ සෙල්ලමනේ ලොකු හා එහෙනම් කියලා දිග කොට්ටකුත් හොයාගෙන අර ඇදුම් එක එක කෝට්ටෙන් උස්ස උස්ස ගිනි ගොඩට දැම්මේ අගට නොදැනෙන්නම ..... :D දැන් හරිම සතුටින් ඉන්නේ ඇදුම් පිච්චෙනවා ලස්සනට නංගි මමයි හිනා වෙනවා . 
ඔන්න විනාඩි දෙකක් ගියේ නෑ ඇතින් ඇහෙනවා සද්දයක් .

කාගේද බැලින්නම් අර මනුස්සයා . ඔලුවේ අත තියාගෙන දුවගෙන එනවා ගේ පැත්තට .නංගිටයි මටයි කරපු වීර කම ටික ටික මතක් වෙනවා .දුවන්න පාරවල් මතකත් නැ උන්හිටි තැන් අහිමි උන හැගීමක් මට අවේ ඒ වෙලාවේ කකුල් වෙව්ලනවා . 
"ලොකු හාමිනේ, ලොකුහමිනේ " (අපේ අත්තම්මට ගැමියන් ආමන්ත්‍රණය කල ආකාරය )මෙහෙමද ළමයි හදන්නේ ..???
කියද්දී අපේ නිවැසියන් සියල්ලම එලියට ආවය . අම්මා තාත්තා අත්තම්ම .මේ ඔක්කොම .  අර මනුස්සයා ඔලුවේ අතගහගෙන ඉන්නවා බිම ඉගෙන . ඇදුම් සේරම පිච්චිලා  ඔරලෝසුවත් එක්කම .අම්මා කොටු හොයනවා නංගිටයි මටයි ගහන්න . තාත්තා සද්ද නැතුව ගල් ගැහිලා ඉන්නවා හැබැයි හිත ඇතුලෙන් හිනා යන්න වගෙත් එනවා . එකම 'කෙලියයි 'ගෙදර . අත්තම්මා නිහඩ බව බිදිමින් මෙහෙම කීවාය. "ලොකු උන්නැහේ ගණන් ගන්න එපා . පොඩි උන් ඔහොම තමා "
නමුත් ඒ වචන පිළිගත්තේ නැ ඒ මනුස්සයා .මුනෙන් මන් දැක්කා ඒ වග .
මගේ අම්මත් දැක්කා . අම්මා තාත්තා එක්ක කාමරේට ගියා කිසිම දෙයක් කිව්වේ නෑ . විනාඩි පහකින් නැවතත් අවා. අතේ මොනවදෝ අරගෙන. 
බලද්දී මොනවද ...:O තාත්තගේ අලුත්ම සරමයි ෂර්ට් එකයි ඔරලෝසුවයි තව මුදල් කිහිපයක් . මගේ පපුව පිච්චිලා ගියා . ඔන්න මට  පුංචි ඉරිසියාවක් අවා ඒ වෙලාවේ . ඇයි තාත්තගේ දේවල් දෙන්නේ කියලා . නමුත් ඒ වෙලාවේ අම්මා කරපු දේ හරි නැත්තන් කීයටවත් අර මනුස්සයාගේ හිත හදන්න අපිට හම්බෙන්නේ නැ.ඒ මනුස්සයාගේ අතට ඒවා දෙද්දී මුහුණට අලුත් "එළියක් වැටුනා " සමහර විට යටි හිත කියන්නත් ඇති මගේ දේවල් නැති උන එකත් හොදයි කියලා ... :) නමුත් මගේ නම් කිසිම කැමැත්තක් තිබුනේ නැ . දැන් කරන්න වෙන දෙයක් තිබුනෙත් නැ .බොහොම සතුටින් ඒ ටිකත් අරන් යන්න ගියා .

කථාව ඉවර නැ . අම්මා අවවාද කළා නංගිට වඩා මට . ඔව් අපි කලේ වරදක් . ලේසි පහසු වරදක් නෙමයි එක .තේරුම් ගත්තා . අපහු කිසිම දවසක එවැනි වරදක් උනේ නැ . අම්මටවත් තාත්තටවත් අපි ගැන නරක කතා අහන්න . කාගෙන්වත් . ජිවිතේට හොද පාඩමක් 
හරියට විද්‍යාඤයෙක් පරීක්ෂණයක් කරලා .අවසන් ප්‍රථිපලය බලලා නිගමනයකට එනවා වගේ . අපේ ජිවිතත් . පුංචි පුංචි වැරදි වලින් තමා ජීවිතය හදාගන්න ඕනේ . වැරදීම් තමා ජීවිතේට පාඩම් කියලා දුන්නේ . සත්තයි අද වෙනකම් අම්මට තාත්තට දුකක් දුන්නේ නැ. දෙන්නෙත් නැ . එයාල අපෙන් බලාපොරොත්තු උනේ එච්චරයි .

මේ කතාව ඔයලා එක්ක බෙදා ගත්තේ ඒ තරම් සුන්දර අතීතයක් අපිට තිබුන නිසා . අද දරුවන්ට තියනවද ...?? හිතන්න  පොඩ්ඩක්  පොත පත පරිගණක , game , ඇරෙන්න තරගකාරී පාසැල් රටාවකට කොටු වෙච්ච දරුවන් එක්ක දෙමාපියන් දරුවන්ට වඩා පාසැල් යන කාලයක් කිව්වොත් නිවැරදි . 

මේ නිල් අහස යට .................

අපි හැමෝම තව කෙනෙකුට උදව්වක් වෙනවා මිසක කවදාවත් කාගෙවත් දේවල් නැති කරන්නවත් .ඒවගේ වැඩවලට උදව් වෙන්නවත් හොද නැති බව එදා තේරුම් ගත්තා 


( එදා රාත්තිරියේ කුස්සිය පැත්තෙන් අමුතු සද්දයක් අවා . "කසු කුසු" ගානවා .මං හොරෙන් කන තියලා බැලුවා . බලද්දී අම්මයි අත්තම්මයි පුංචි අම්මට විස්තරේ කියනවා . හිනා වෙන හඩත් විටින් විට ඇසුනා . සමහර විට අපිට නොපෙන්නුවට හිනාව දරා ගන්නත් බැරිවෙන්න ඇති.)

Tuesday, June 7, 2016

සමනලී...

සමනලීයක් ලියපු කවි ....





දුර ඇතින් දකිනා සඳ 
එබී බලයි හැම තිස්සෙම 
හොරෙන් හොරෙන් හමු උනාට 
ළග නැ ඔබ දුරයි ඈත....
ආදරේට ගතු කීවට
ආදරෙයිනෙ හැමදාටම
ලං වෙන්නට බැරි උනාට 
ඔබ මගේ නේද ..?? හැමදාටම ....
වචන ටිකක් බර උනාට 
තරහක් නැ හිත රිදුනට 
වෙනසක් නැ මගේ ආදරේ 
ඔයටමයි හැමතිස්සෙම ....
දුර ඇතින් ඔබ දිලුනට 
මම දන්නවා ඔබ ළග මට
හැමදාමත් මං එවනවා 
පණිවිඩයක් සමනළයෙක් අත...
කිවත් මේ කවි පද ටික 
වෙනසක් නැ ආදරේට 
රත්තරනේ එකපාරක් 
ආදරෙයිද කියන්න මට 
හීන්පබළු වැහි මුතු වැල්
වැටෙනා විට මේ පොළවට
මටනම් බෑ ඈත් වෙන්න 
රත්තරනේ සත්තකින්ම .....