හරි හෙමින් හරි හෙමින් සිත පුරා දගලද්දී
සුදු පාට මල් රෝස හිත පුරා ඇතිරෙද්දී
ආදරෙයි ආදරෙයි කිය කියා මං කියද්දී
ඇයි ගියේ ඇතටම පාළුවත් ලංවෙද්දී........
හැමදාම රැට මං හීනෙන් කියවද්දී
කොදුර කොදුර ආදරෙන් ලං වෙන්න දගලද්දී
පැත්තකට වී ඔයා නොඇසුනා සේ ඉද්දි
අනේ මං හැඩුවේ කදුළු පුරවන් ඈස් අගදී ..........
කහටක් නම් නැ ඔයා ගැන මේ වෙද්දී
ආදරෙයි තවම මම ලංවෙන්න බැරි වෙද්දීත්
ලෝ දහම පසක් වී මගේ හිතට දැන් වෙද්දී
කාලයත් ඔහේ ගෙවෙයි සුසුම් පොද තැවරෙද්දී..........
දෙවිවරුත් මියැදෙනා කලක මේ අපි ඉන්න
ලියු කවි පොත් වලත් කොළ ඉරිලා දැන් වෙද්දී
හිතේ නම් තාමත් ඔයා මයි ගුලිවෙච්චි
දුරින් හිටියත් අනේ මේ දුකත් හරි මිහිරි ............
ඔලුව උඩ ''මහා කන්ද '' බර වෙලා දැන් වෙද්දී
කුරුටු ගී උනේ ඇයි මං ලිව්ව කවි පේළි
අමාවක රැයේ දී හඳක් වී දිලී
ඉන්න කැමතිද ආයමත් පෙර වගේම දිලී දිලී...........
නිල් අහස යට ...............................
No comments:
Post a Comment