Wednesday, January 18, 2017

මගේ ආදරේ ...

සිඳී ගියත් 
කඳුලැලි දෑස් අග ..
දැවී ගියත්  හදවත දුක් 
ගින්දරට ....
මැකී නොයයි සිතුවිලි 
ඔබ ගැන ...
පිරි ඉතිරෙයි ආදරය 
''ඔබටම  ''
සැදී පැහැදී 
හදවත පුරාවට ...

පබළු වැහි ........

පබළු වැහි .....

පබළු වැහි ...
2017 
පාර කියන්න අවසරද ....??
සිතක සිතුවිලි නැවත විදින්න 
අවුරුද්දම සුබ වන්න .
එකතු වෙමුද
පබළු වැහි එක්ක ....
පබළු වැහි 
ඔබෙත් මගෙත් හදවතේ රිද්මය ...

Thursday, October 13, 2016

ආදරෙයි මම

ආදරෙයි මම ....

සුවද මල් පිපුනට
වසන්තයට  ....
ගිම්හානය කියලා දුන්නේ 
සීතලට 
ආදරේ උණුහුම ....

ගිම්හානයට ආදරෙයි 
මම .....
වසන්තය ගෙනා 
සුවඳ .....
තවමත් මම ළග 
නිසාවට ....

නිල් අහස යට .......

Thursday, September 22, 2016

නිල් අහස වගෙයි ....

නිල් අහස වගෙයි ...

පිරුණු පැන් කලයක් වගෙයි 
මේ සිත ....
ආදරේට මගේ 
පැන් ඉසින ...
දැල් වුණු පහනක් වගෙයි 
මේ සිත 
ආදරේට මගේ 
එළිය දෙන ...
හමන සුළගක් වගෙයි 
මේ සිත 
ආදරේට මගේ 
සිසිල දෙන ....
ආදරේ මගේ ''ඔබ '' 
මේ ඔක්කොම වගේ 
මගේ සිතුවිලි වලට 
පණක් දුන්න ....
පන්හිඳයි හිස් කොලයයි...
කවි වලින් 
පිරෙව්ව 
''ඔබ''
ඇත්තටම නිල් අහසක් වගෙයි ..
මට ....

නිල් අහස යට ....

හීන අහුරක් එක්ක .....

හීන අහුරක් එක්ක ...

හිතයි තනිවෙන්න ....
කළුවරක
හීන අහුරක් 
එක්ක .....

නිල් අහස යට .....

බොහොමයක් ආදර කථා....

බොහොමයක් ආදර කථා...

මෙලොව ආදර කථා
බොහොමයක් ඇති ...
දෑසට පෙනෙන 
කනට ඇහෙන 
නිතර හමුවෙන 
ආදර කථා....
ඒ ඔක්කොම 
කථා පරාදයි 
මගේ ආදර කථාව ලග 
නුඹව නොදැකම 
හඩත් නොඅසම 
නුඹට 
පෙම් කළ තරම ...
අනේ කොහේදී හෝ 
අපට වැරදුනා 
අපි අපිට මේ භාවයේ 
හමු නොවන ලෙසට ...
මම 
නුඹට ආදරේ කළ තරම 

නිල් අහස යට ..........

Tuesday, September 20, 2016

හදවතේ රිද්මය ....

හදවතේ රිද්මය 

සුසුම් සුළගට 
පා වෙලා...
හදවතේ 
ගැහෙන රිද්දමය 
වේගයෙන් දැනෙද්දී ...
සිත ඉහිලුම් 
නැති උනේ ....
ඔබ එන මග දැනිලා ...
සිත පුරා 
පිරි ඉතිරි ගිය 
ආදර කථාවේ....
අයිතිකරු ...
ඔබම වෙද්දී ......
සුළගක පා කරන්නම් ....
ආදරේ උණුහුම 
ඔබට දැනෙන්න .....

නිල් අහස යට ......