Wednesday, April 12, 2017

අවුරුදු එයි හන්දියේ ....

අවුරුද්දේ මාස දොළහම ගත්තම හිතට වගේම ගතටත් දැනෙන්නේ 
බක් මාසේ සිංහල අවුරුද්ද කියල නම් නොකියාම බා....
තාමත් සිහියට එන්නේ ගමේ අවුරුද්ද ....

පුංචිම කාලේ.....
පැසුණු වී කරල් වල සුවදින් පටන් ගන්න බක් මහේ අසිරිය 
කොවුල් ගීත රබන් සුරල් කැවුම් බදින සුවද ....
අම්මේ දේවල් කොහොම අමතක කරන්නද .....
මව්බිමෙන් හැතැක්ම ගණනක් ඇතින් උන්නත් 
ඒ විදපු  අසිරිය හිත්වලින් මකලා දාන්න තරම් 
හයියක් නැති ත‍රම්.....
අත්තම්මලා ,අම්මා  කැවුම් බැදපු හැටි අච්චාරු දාපු හැටි මතක් වෙද්දී 
අතීතයට දුවලා යන්න හිතෙනවා .....
අලුත් ඇදුමක් අරන් තාත්තා ගෙදර එද්දී දැනුන සතුට 
අදටත් නංගි මමයි මතක් නොකරනවම නොවෙයි .....
සිංහල අවුරුදු උත්සව ගමේ තිබුනේ කීයක්ද ඔය ඔක්කොටම ගියා මතකයි ...
ඉස්පහසුවක් නැතුව දවස් ගණනක් ඒ මේ අත දිව්වේ පිස්සුවෙන් වගේ .... :D
ඇත්තටම ජිවිතේ වින්දානම් වින්දේ පුංචිම කාලේ කිවොත් නිවැරදි ....
පාරමී පුරනවා ආයමත් දවසක අවුරුදු සිරිය විදින්න මවු බිමේ ඉන්න ලැබෙන්න කියලා ....

අවුරුදු එයි හන්දියේ ....

කිරි ගොයමත් පිදෙන්නේ ...
ඈහැල මලින් අතු පිරෙන්නේ 
කොවුල් ගීත පැතිරෙන්නේ 
අවුරුද්දත් ලං වෙන්නේ ..

කැවුම් කොකිස් හිනැහෙන්නේ 
දසත සිරිය පැතිරෙන්නේ 
රබන් සුරල් පද තාලෙට 
අවුරුද්දත් ලං වෙන්නේ ....

කුල සිරිතට ලිප මොලවා 
තරහා මරහා නැති කරදා
 පවුලේ අයත් එක් විලා 
සතුට මවයි සිත් පුරාම ....
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට ..!!!
පබළු වැහි ............



No comments:

Post a Comment