ජීවිතය ....
ජීවිතය කියලා පටන් ගත්තොත්
කොතනින්ද කියලා කියන්න
බෑ...
අපි මෙහෙම ගත්තොත්
ඉපදුන දා ඉදලා අද වෙනකන්
ඔව්
ඒ තමා ජීවිතය
පුංචියට පටන් ගත්තේ
මහා දුකක් ගොඩක් සමහර අවස්ථා වල
එත් ජීවිතය ගෙන
අපි යනවා පාඩුවේ ...
බොහොම අමාරුවෙන් පටන් ගත්තේ
දුක සැප සමබර
කියලා කියන්න අමාරුයි
සැපට වඩා මහා දුකක් .... :/
එත් කවදාවත් කිසිම දෙයක්
අතැරලා ගියේ නෑ....
හැමදේම ඉවසීමෙන් සංයමයෙන්
මුහුණ දුන්නා ...
එහෙමයි ජීවිතය හදා ගත්තේ ...
හැමෝටම අවේනික උණු ජිවිත කතා තියනවා
එකිනෙකට වෙනස් උන
නමුත් හැමෝගෙම කතාව බැලුවම
චරිත විතරයි වෙනස් .... :)
ඔහේ ගලාගෙන යන්න ඉඩ අරිනවා කියල
හිතුවට ප්‍රශ්න කරදර
අපි කටත් පොදුයි .....
එහෙම නේද ....????
ඔයා මම කියලා අපි වෙන් වෙන්
වශයෙන් අපිට අවේනික
චරිත ගොඩ නගා ගත්තත්
අපි හැමෝම බත් මාළු කන
ආශ්වාස ප්‍රශ්වාස කරන
''අසම සම අභිරහස්මය''
පුද්ගලයන් කොටසක් .... :D
ඔව් එක එහෙමයි .
ජීවිතය වෙලාවකට මහා බරක්
අපි හිතුවට සැහැල්ලු කරගන්න
බෑ.
අපේ බර අපි තියන්න හැදුවට
තියන්න බැ කොහෙවත් .
උහුලගන යනවා .
අපිට තනියම බැ.
උදව් ඕනේ ....
ඔව් උදව්.
අපි හිතන අයගෙන් සමහර අවස්ථා වල
උදව් නොලැබෙන්න පුළුවන් ...
නමුත් කිසියම් පුද්ගලයෙක්
අවස්තනුකුලව උදව් කරන අවස්ථා
නැතුවම නෙමයි.
ඔව් ''අද හරි මහන්සි මට ''
ඒවගේ හිතන වෙලාවකට කවුරුම
හරි කිව්වොත් හිනාවෙලා ආදරෙන්
''මම ඉන්නවා ඔයා ලග. මොන මහන්සියක්ද ''
අන්න එහෙම ඔව්
අර හැමදේම නිකන් හුළගේ ගහගෙන
ගියා වගේ නේද ...?? :)
පරිස්සමෙන් ඉන්න .
වෙලාවට කන්න බොන්න .
මොන දේ කලත් පරිස්සමෙන් .
මෙහෙම අපේ ජිවිත වලට කීදෙනෙක්
කියලා ඇතිද .
ඔව්
අම්මා තාත්තා වගේම සමහර විට
අපිට ගොඩක් ලෙන්ගතු අපි ගැන හිතන අය.
වෙන්නත් පුළුවන් .
ජීවිතය කියන්නේ එකට ....
මහා විශාල පුරුක් ගොඩක් එකතු වෙච්ච
දම් වැලක් වගේ ජීවිතය
ආදරය ,බැදීම්, හැගීම්, ගැරහුම් , දුක ,වේදනාව කඳුල සිනහව
ඔව් මේ හැමදේකින්ම බැදුණු
දම් වැල් වගෙයි මේ ජීවිතය .
මොන දේ උනත් ඉවසීම කරුණාව දයාව
පිරුණු හදවතක් එක්ක
ජිවිතයේ ගමන යන්න
අපිට අලුත් පන්නරයක් ලැබෙනවා .
අපි කවුරුත් සියල්ල සම්පුර්ණ අය
නොවෙයි .
වැරදි කා අතිනුත් වෙනවා .
වැරදුනු තැන් වලින් ජීවිතය
පටන් ගෙන
අපේ ගමන යමු නේද අපි අපේ පාඩුවේ ... :D
ඔව් යමු .
මේ මගේ කතාව නෙමෙයි .
අපි හැමෝගෙම කතාව .
ඔයා මම වෙනස් වෙන්නේ
එක්කෝ ගැහැනියක් හෝ පිරිමියෙක්
කියන ඒ වෙනසින් විතරයි .
ඔව්
ජීවිත ගමන ගැහැණු පිරිමි නෙමයි
සියල්ලන්ම මනුෂ්‍ය හැගීමෙන්
එකිනෙකට උදව් ඇතිව .
තියන දෙය බෙදා හදාගෙන
ආදරයෙන් ...
යන්න යමු ....
ඔයත් මමත්
අනේ ඉතින් මේ මම මෙව්වා කිව්වේ
ලෙන්ගතු කමට .
සරලව කිව්වම ඇත්තමයි
හිතට වදිනවා .
දෙපාර තුන්පාර කිවන්න ඕනේ නැ.
හිතට වැදුනා නේද ...?? :)
ඔව් මේ මගේ ,අපි හැමෝගෙම ජිවිත කතාව
ඔව් මම
නිල් අහස යට හිතැත්ති ..... :D
No comments:
Post a Comment