Wednesday, August 31, 2016

තනි උන ආදරේ ....

තනි උන ආදරේ කතාව ...




එදා ඔහු රෝසමල් වලට 
ආදරේ කරද්දී ....
මාත් රෝසමල් ළඟ ....
නතර වුණා .....
අද ඔහු කෑලැ මල් ළඟ 
නතර වෙලා ....
මම රෝසමල් ළඟ 
තනි වෙද්දී ....
තාමත් ....


නිල් අහස යට ............

අහසක් තරම් ....



අහසක් තරම් ....


ආදරේ අරන් .....
රැල්ලක් වගේ ...
ගහගෙන ඇවිත් .....
වෙරළක් ළඟ 
නතර උනේ ....
කන්දක් තරම් 
බලාපොරොත්තු ....
එකක් අයිතියක් නැති ....
හිතක් ලග නතර වෙලා ....
පාරමිතා පුරන ..
ආදර කථාවට ...
සුළඟක් වගේ ඇවිත් 
සිසිලක් වෙන්නද ...
මේ සංසාරයේ 
නෙළුමක් වගේ 
පින්බර මගේ ....
ආදර කථාවට .....

නිල් අහස යට .........

තරු වලට ආදරෙයි මං

වරු ගණනක ආදරයක් 


 


තරු දිහා
වරු ගණනක් 
බලන් උන්නට 
සඳ නැති අඩුව 
පුංචිම තරු වලට

මකන්න බැ ..........
සිත පුරාවට 
පායපු සඳ
ඔබ මගේ ............
නොකිවිවාට ආදරේ තරම
හැමදාමත් සුසුම් පොදයි
ඔබ මගේ ........
නොසිතූ මොහොතක 
සිහිනයක් වගේ 
පැමිණ හද සිතුවිලි 
අවදි කළ ඔබ 
මා පන්හිඳ 
පිරුණු කවි 
සිතුවිල්ලයි......
උන්නට අැතින්
හැමදාම 
හුඟක් බරට 
දැනුණා ආදරය 
ඔබේ මේ හිතට .....

නිල් අහස යට ..........

Tuesday, August 23, 2016

පැන් ඉසින ආදරය ....

ගත සිත පිරි මදින 
පැන් ඉසින 
ආදර පැන් කෙන්ඩිය ....
ඔබ 
ඔබම පමණක් 
ඔව් සත්තකින් 
ඔබම 
පමණක් .....
නිල් අහසක් යට ....
සිත තුළ...
පැන් ඉස 
සිතම පිරිමදිනා 
නිහඩ සිතුවිල්ල ...
දුර ඈත 
පායා දිළෙන...
නිහඩ සිතුවිල්ල ....
සිරකර ඉමි 
මහද පුරාවට ...
ලග නැතිද 
සිත ඇත ඔබ ලගම 
දිවා රැය  
පිරි සෙනෙහස ...
හද තුල ...
ඔබ නමට 
නැත කිසිවක් 
මේ ලොව තුළ
සාගරයක ගැඹුර 
ගෙන පාමි...
මහද සිතුවිල්ල 
නෙතු කල්මක ...
හිත ඇල්මක ...
සිපගමි ඔබව 
වෙරළක් සිපගත් 
රැල්ලක් විලසින් ...
මතු භවයක ...


නිල් අහස යට .........

Thursday, August 18, 2016

සිත පුරාවට ....

සිත පුරාවට ....


නුඹේ සෙවනැල්ලටත්
පෙම් බඳිමි ....
සත්තයි ...
පිරි ඉතිරි ගිය 
ආදරයක ....
සිතුවිලි පෙම් දම ....
පදවැල් ගලපමි 
මම 
නුඹ නමට ...
දුර උනත් 
නුඹ සිත 
පුරා ගිය ...
සාගරයක් වගේ 
නොසිදෙන 
ප්‍රේමය ....
අකුරු කරමි මම ...
බර කරන් 
සිත යට 
නුඹව ...

රත්තරන්....

හුස්ම මගේ 
සැගවී යන තුටවට ....

නිල් අහස යට .............

ආදරයත් .............

ආදරයත් රැල්ල වගෙනේ.......


පෙම් පතකට 
කවි පුරන්න ....
හීන 
පුරන මං....
සිහින 
විලෙන් පැන් ඉසගෙන 
පාන හැගුම් 
දැන්....
කෝල උනත් 
මාගේ හැගුම් 
නුඹ නමටයි 
පෙම් ....
ආදරේට කවි 
ලිව්වේ ...
හීන උනත් 
දැන් ...
ආදරයත් රැල්ල 
වගේනේ 
සාගරයක දැන් .....


නිල් අහස යට........

Saturday, August 13, 2016

නිදුකින් ඉනු මැන සසර පුරාවට ....

නිදුකින් ඉනු මැන....

කවි බැන්ද සිතින් ...
පදවැල් අමුණමි...
මේ 
හිතවත් කමට ....
සිහිනයකින් වත් 
නුඹ 
මගේ නොවන බවට 
දැන දැනම ...
පෙම් පුරමි 
ඔය සිතට 
සැමදාමත් .....
හැමදාමත් වගේ 
නුඹ මගේ 
හුස්ම පොද ....
ගජමන් මගේ 
කවි සිතට 
පණ දුන්න 
නුඹ මගේ ඇලපාත 
නොවෙම්ද ....
කඳුලින් තෙමුනත් 
මගේ දෙනෙත ..
පවසමි ආදරය 
මෙලෙස .....
දවසයි අද 
නුඹේ ජිවිත 
සැමරුම ....
දුර සිටියත් නුඹ මේ ලොව් තලයෙන් 
ඈත ....
ලං වෙමි කවියකින් වත් 
මෙලෙස .....
නිදුකින් ඉනු මැන 
සසර පුරාවට 
පැතුම එයයි මගේ ...
ඔබ හට හැමදාම 
හුස්මකින් සිඹිමි 
මම 
අද දින මෙන් මතු දිනත් 
පතමි ඔබට තෙරුවන් 
ගුණ ....
ගැහෙන මගේ හදවත් 
හැමදාමත් ඔබ නමට ...
ඉන්නම් දුරින් හෝ 
මම  මෙලෙසට 
වලාවක් වගේ වත්
ඇවිත් සිබිනවද 
මගේ 
හද මඩල ...

නිල් අහස යට ............

Friday, August 12, 2016

ගජමන් නොවේද මං ඇලපාතට පෙම්බැඳි......

ගජමන් නොවේද මං .....
හිමිදිරියේ හිරු නුඹයි 
මගේ සිතට හැමදාම .....
කළුවර රාත්‍රියේ 
දිලෙන සඳ  ද
ඔබ .....

ආදරයේ ....
අරුත මට 
කියා දුන්නේද නුඹ ....
සිප ගනිමි මම 
නුඹව 
හුස්මකින් අද මෙලෙස 
ලිව්වාට කවි වැල්ම
ඔබට මම හැමදාම....
ආදරෙයි මම නුඹට 
ගනින්නට 
බැරි තරම .....
මම හිදිමි 
නුඹ ලගම 
බිඳෙන තුරු මගේ හුස්ම ..
වෙන් වෙන්න එපා 
නුඹ ....
ඔබ මගෙනේ හැමදාම .....

ඉතින් කියන්න ...
නොවේද මම ගජමන් 
ඇලපාතට පෙම් බැන්ද.....


නිල් අහස යට...............

Thursday, August 11, 2016

බැති බර වූ ආදරේ ......

බැති බර වූ ආදරේ .....
කොහේදෝ සිටි නුඹ 
ළඟ ....
සිත නතර උනේ ...
සංසාර පුරුද්දට වගේ .....
මතක පොතේ 
පිටු පෙරලෙද්දී ...
පුරුද්දට වගේ ...
සිත නතර උනේ 
නුඹ ගැන ..
බැති බර වී ....
සිහින මාවතේ ඇවිද යන්න 
අත් පටලන් .....
එදත්  අදත් හෙටත් 
මතු උපදින හැම භාවයකදිම ....
පාරමී පුරමි ....
නුඹේ වන්නට ....
එක දවසක් දෙක 
නොවෙයි ....
කල්ප කාලයක් ආදරය 
කරමි මම නුඹට ....
සිත පුරාම සුවදයි 
නුඹ .....
දැවටෙන්න ළග ඉන්න 
බැරි උනත් ....

නිල් අහස යට .........

රන්වන් රන් ආදරේ .......

රන්වන් රන් ආදරේ .....




පසළොස්වක සඳ වගේ ...
පිං බරවූ ම'සිතේ..
නුඹ තවමත් ඇත 
පරිස්සමට 
ගියාට දුර ඈත....
මා දමා....
කොහේ යන්නද 
මං තවම එතනය 
මට ලෙන්ගතු 
නුඹ නිසා .....
පිංබර සිත් මඩලේ 
බැති බර සිතුවිල්ල .....
නුඹ ....
රන්වන් රන් ආදරේ 
නුඹට පමණයි 
බැඳුනු ඒ .....


නිල් අහස යට ......

Wednesday, August 10, 2016

සිමාසහිත ජිවිත

සීමාසහිත ජිවිත ....

''පතාගෙ ආවේ ඔතාගෙන 
යන්න ''කිව්වට 
අන්තිමට ඔතාගෙන යන දෙයකුත් 
නැ...
පතාගෙන ආපු දෙකුත් නැ...
''ජීවිතය''
ජිවිත ගමනේ 
කොලේ දෙපැත්තක 
උපත ව්පත
විතරක් ....
සින්නක්කරව අරන් අපු 
අපිට 
මොන සින්නක්කර 
ජිවිතයක්ද
ජීවිතෙත් අයිති  නැති අපිට ...
දුක සැප විතරක් 
සමබර උන ලෝකයේ ...
සින්නක්කර අයිතිය 
හොයන අපිට 
ලැබෙන්නේ අන්තිමට 
''මරණය ''
ඉතින් මේ සීමාසහිත 
ජිවිත අස්සේ මොන 
පතාගෙන අපු ආදර 
කතාද ...??:/
අන්තිමට  ඔතාගෙන යන්නේ 
කරපු හොද නරක මිසක ....
වෙන මොන 
කතාද ....
හිනා වෙනවා හිත පුරෝගෙන 
පතාගෙන අපු අදර කතා 
සිහින කතා 
කෙටිකථා ඔක්කොම කතා එක්ක 
ඤාන කතාවක් කළා ප්ලේන්ටි එකක් 
බිලා ....
ඔන්න ඔහේ ඉමු මචන් 
වෙන දෙයක් බලන් :D

නිල් අහස යට.....

Tuesday, August 9, 2016

සිතින් විතරක් දුරින් හිද .....

සිතින් විතරක් දුරින් හිඳ....


අහස බැලුනා 
පුරුද්දට වගේ ....
තනිවෙච්ච සඳ ....
තරු නැති රැයක....
දුකට ...
ඉස්සර නම්  අහස 
බැලුවම ..
නුඹ යන මග 
තරු රටා ඇන්දා...
ඔබේ ගමන් මග කිව්වේ 
තරු අරුන්දතිය 
මට ....
පුරුද්දට වගේ අතැගිලි 
පෙරලුනා....
තරු ගනින්න නම් නෙමෙයි ...
ඔබව සොයන්න ....

එත් ඔබ ඈත ...
පෙනෙන නොපෙනෙන 
දුරක ...
ඇස් අගින් වැටුනා
කඳුළු බිංදු...
එක දෙක ඔච්චමට වගේ 
හිනැහි මට ....
එකතු කරගන්න 
හිතුනා අහුරක්ම 
කඳුළු බිංදු ....
විසි කරන්නද 
මුළු අහස පිරෙන්න 
ආයමත් සඳ වටේ 
තරු රටා අදින්න  ....
පෙනේද 
එවිටවත් 
මගේ ආදරේ ඔබට .....

නිල් අහස යට ...

VAT බද්ද.....

VAT බද්ද....


ආදරයට දැම්ම නම් 
VAT බද්ද ...
නැනේ දුකක් 
හිත් වලට මේ තරමට ...

ආදරයට දැම්මා නම් 
VAT බද්ද ....
සත්තකින්ම 
විසදෙනවා දුප්පතාගේ 
ප්‍රශ්න සියල්ලම ....

ආදරයට  දැම්මා නම්
VAT බද්ද ...
සත්තකින්ම 
පිරියනවා 
මුළු භාණ්ඩාගාරයම
විනාඩියට ...


නිල් අහස යට .... 

මනමේ කුමරුට ...

නික්ම ගිය මනමේ කුමරුට ...

ප්‍රේමයෙන් මන රන්ජිත වේ නන්දිත වේ 
පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ 
ආලයෙන් වේලි සැදී මේ ලතා 
මණ්ඩපයෙන්  චන්ඩාතප
ඛාන්ඩිත වේ හිරු රජිදුගේ



මතකය පමණක් 
ඉතිරි කර ...
සුවහසක් මිනිසුන්ගේ 
දෑස් කඳුලින් 
පුරවා 
නික්ම යන 
මනමේ කුමරුනේ ....
ඔබට නිවන් සුව ....

නිල් අහස යට .....

Friday, August 5, 2016

ඔබේ සුවඳ රැදුන හුස්ම පොදක ....

ඔබේ සුවඳ රැදුන හුස්ම පොදක .....


සීතලම සීතලට ගුලි උන 
ඔබේ පපුතුරේ ....
හුස්ම වැටුන ඒ ආත්මීය 
සියුම් හඩ...
සිත නිවන භාවනාවක් 
වගෙයි .....
හිමිහිට වැටුන ...
කඳුළු ඇස් මතින් 
ආදරේට ......
කොපුල් දිගේ ගලා හැලෙද්දී ....
පිස දාන්න....
ඔබේ අසිපිල්ලමකින් 
සිනිදුවට ....
එතරමට ලං වෙලා ...
ආදරෙන් .....
ඔබේ සුවඳ 
රැදුණු හුස්ම පොදක පවා ....
දැවටෙන්න ....
ආසයි.....
ඉගිලුනේ ඇයි තනිකර ....
මගේ ආදරය ...
සමනල හිත .....
තරු කැට මුමුණනවා 
රැට අහසේ ....


මුළු ලෝකෙටම හොරෙන් ....
හද කුටියට .....
එන්න ඔබේ ....
සුවද රැගෙන .....
නිදි බින්ද මගේ ආදරය ...
තවමත් ආදරෙයි .....
මම ....
රත්තරන් ....
මතු භාවය පුරාවට ....



නිල් අහස යට ......

Thursday, August 4, 2016

ආදරේ පරිස්සම් කරපු .....

ආදරේ පරිස්සම් කරපු ....

මුතු මැණික් තරමට 
පරිස්සම් කරන...
තවමත් ආදරේ 
බිදුවෙන් බිදුව .....
වැඩි වෙන ....
ආදරණිය ආදරයක 
අයිතිකරුට ..
රෝසමල් පෙත්තක 
ආදරයේ රටා මවන 
පැන් ඉහින මගේ ආදරණිය 
ආදරයේ අයිතිකරුට ..
ආදරයේ හුරුබුහුටි 
කතාවක් ලියන ....
හිනයක සගවා ගත්
ආදරණිය සිතුවිල්ල .....
ආදරෙයි සදහටම 
සිතුවිල්ලක 
සිරකර ගෙන 
මියැදෙන 
තුරාවට .....
රත්තරං ඔයාට .....

නිල් අහස යට .....