සිහිනයේ රැදී ආදර කථාව...
ඔන්න එකමත් එක රටක
එකමත් එක කථාවක් නෙමයි ...
ආදරයේ ආදරණිය කථාවක්...
හිතට හොරෙන්
ලෝකයටම හොරෙන්
ලෙන්ගතු හදවතකට
මුතු මැණික් වලටත් වැඩියෙන්
ආදරයෙන් පරිස්සම් කළ
ආදරණිය කතාවක් .....
සිතුවිලි සයුරෙන් කිමිදිලා
අහුලා ගත්තු වචන එක දෙකක් නෙමයි
මුළු සයුරම එකතු කරලා
කියන්න යන පුංචි කතාවක්
ඔන්න එකම එක දවසක
දේදුනු පාර දිගේ ඇවිදගෙන ඇවිදගෙන
යද්දී ....
ලස්සනට පිපුණු මල් ගොඩක් මැද
හිටපු ලස්සන පුංචි සමනලයෙකුට
හිතුනා ආදරයක් ...
ඒ පුංචි මලට .....
ඔව් ...
හොරෙන් හොරෙන් හැමදාම
ටිකෙන් ටික ලංවෙද්දි
සමනලයත් දැනගත්තේ නැ
ආදරය මේ තරම්ම කියලා
සමනලයට ....
මහා ගොඩක් ආදරය හිත මැද නලියද්දි
පුංචි මලට හිතුනේ
ආදරය ....
හරිම සුන්දරයි කියලා ....
ආදරයට පාට දැම්මේ
කවි කොළ පිරෙන්න කවි ලිව්වේ
හැමදාමත් මල තනියම ....
ලෙන්ගතු වෙච්ච හදවත් සිතින් දරාන
දින සති මාස ගෙවුනේ
කාටත් නොදැනීම......
තරු ඇස් හැමදාම මග බලාගෙන
උන්නේ සමනලයා දිහාවට
පිටු පෙරල පෙරල හැමදාම
හෙව්වේ සමනලයා ගැන ...
හදට යන්න පාර ඇහැව්වේ
තරු අරුන්දතියෙන් ....
දැනුනා සඳ ගොඩක් දුර බව
ලංවෙන්න බැරි තරමට
එත් ආදරයේ අඩුවක්
නෑ මහමෙරක් තරමට ......
ලං නොවුනත් ආදරය පිරුණු
හිත......
පපුතුරේ සගවාගෙන ආදරය ....
ගොඩක් දුර තනියම ...
ආදරය කළා
මව් වගේ ලයට තුරුළු කරගෙන
යෙහෙලියක් වගේ දුක සැප බෙදාගෙන
ලගින්ම ඉන්න ....
හැදුවේ
පෙම්වතියක් වෙන්න අවසර නැති නිසා .....
එත් එක දවසක් .....
ඔව් දවසක් ....
කරුවල වෙලා ගියේ .....
දන්නෙම නැතුව ...
දේදුනු පාට ආදරය .....
වහලා දැම්මේ සදහටම ඒ පොත ...
දුකට .....
ඔව්
එත් තාම හොරෙන් හොරෙන් පිටු
පෙරල පෙරල බලනවා
ඉස්සර මතක ....
වැටුණු කඳුළු බින්දු තාමත්
පුස්කාපු පොතේ පිටු අතර .....
තවමත් ආදරය එදාට වැඩිය ......
විටක හිත අස්සේ හිරකන්
ආදරය ....
මහා ගිනිකන්දක් වගේ පුපුරලා
ගියාට .....
ගානක් වත් නැතිව අහක
බලන් ඉගිලුනේ ඒ
සමනල හිත ....
හිතුනා පුපුරුවන්න බොරේ දාලා
හිත ...
ඉල්ලා ගන්න සෙනෙහස ටිකක්
ණයට.....
අනේ කොහොමද ...
මහා හයියයි ඒ හිත ....
උණු නොවෙන ....
මගේ හිතත් උගස් වෙලා
දන්නෙම නැතුව ඒ හිත
ලග.....
පරක්කු වැඩි වෙලා බේර ගන්න
සින්න වෙලා සදහටම
ඒ සමනල හිත ලග ......
ආදරේ තරම .....
ඔන්න....
තාමත් පුරුද්දට වගේ
මග බලනවා ....
එයිද කියලා
පණිවිඩය .....
ආදරයේ ....
මුළු සයිබර් අවකාශයේ ....
අමතක වෙලාවත්
ඔව් බලනවා .....
ට්‍රින් ....ට්‍රින්.... ට්‍රින්....
අහ්හ් ඒ මොකද්ද ඒ.....
අමතක වෙලා ආපු පණිවිඩේ
වෙන්න බැ .....
මේක තමා දෙවන මහා ලෝක යුද්ධය ...
උදේ එලාම් එක වදිනවා දෙවියෙනේ ....
ඇති නිදා ගත්තා නැගිටින්න ,,,,,,
තේ හදන්න ......
ඔව් හීනයක්
තවමත් ආදරේ .....
කරන .....
හැමතිස්සෙම ප්‍රර්ථනා කරන
මගේ හීනය ....
ආදරණිය.....
නිල් අහස යට ....
No comments:
Post a Comment