Wednesday, July 20, 2016

සිහිනයේ රැදී ආදර කථාව....

සිහිනයේ රැදී ආදර කථාව...


ඔන්න එකමත් එක රටක 
එකමත් එක කථාවක් නෙමයි  ...
ආදරයේ ආදරණිය කථාවක්...
හිතට හොරෙන් 
ලෝකයටම හොරෙන් 
ලෙන්ගතු හදවතකට 
මුතු මැණික් වලටත් වැඩියෙන් 
ආදරයෙන් පරිස්සම් කළ
ආදරණිය කතාවක් .....
සිතුවිලි සයුරෙන් කිමිදිලා 
අහුලා ගත්තු වචන එක දෙකක් නෙමයි 
මුළු සයුරම එකතු කරලා 
කියන්න යන පුංචි කතාවක් 

ඔන්න එකම එක දවසක 
දේදුනු පාර දිගේ ඇවිදගෙන ඇවිදගෙන 
යද්දී ....
ලස්සනට පිපුණු මල් ගොඩක් මැද 
හිටපු ලස්සන පුංචි සමනලයෙකුට 
හිතුනා ආදරයක් ...
ඒ පුංචි මලට .....
ඔව් ...
හොරෙන් හොරෙන් හැමදාම 
ටිකෙන් ටික ලංවෙද්දි 
සමනලයත් දැනගත්තේ නැ 
ආදරය මේ තරම්ම කියලා 
සමනලයට ....
මහා ගොඩක් ආදරය හිත මැද නලියද්දි 
පුංචි මලට හිතුනේ 
ආදරය ....
හරිම සුන්දරයි කියලා ....
ආදරයට පාට දැම්මේ 
කවි කොළ පිරෙන්න කවි ලිව්වේ 
හැමදාමත් මල තනියම ....
ලෙන්ගතු වෙච්ච හදවත් සිතින් දරාන
දින සති මාස ගෙවුනේ 
කාටත් නොදැනීම......
තරු ඇස් හැමදාම මග බලාගෙන 
උන්නේ සමනලයා දිහාවට 
පිටු පෙරල පෙරල  හැමදාම 
හෙව්වේ සමනලයා ගැන ...
හදට යන්න පාර ඇහැව්වේ 
තරු අරුන්දතියෙන් ....
දැනුනා සඳ ගොඩක් දුර බව 
ලංවෙන්න බැරි තරමට 

එත් ආදරයේ අඩුවක් 
නෑ මහමෙරක් තරමට ......
ලං නොවුනත් ආදරය පිරුණු 
හිත......
පපුතුරේ සගවාගෙන ආදරය ....
ගොඩක්  දුර තනියම ...
ආදරය කළා 
මව් වගේ ලයට තුරුළු කරගෙන 
යෙහෙලියක් වගේ දුක සැප බෙදාගෙන 
ලගින්ම ඉන්න ....
හැදුවේ 
පෙම්වතියක් වෙන්න අවසර නැති නිසා .....
එත් එක දවසක් .....

ඔව් දවසක් ....
කරුවල වෙලා ගියේ .....
දන්නෙම නැතුව ...
දේදුනු පාට ආදරය .....
වහලා දැම්මේ සදහටම ඒ පොත ...
දුකට .....
ඔව් 
එත් තාම හොරෙන් හොරෙන් පිටු 
පෙරල පෙරල බලනවා 
ඉස්සර මතක ....
වැටුණු කඳුළු බින්දු තාමත් 
පුස්කාපු පොතේ පිටු අතර .....
තවමත් ආදරය එදාට වැඩිය ......
විටක හිත අස්සේ හිරකන් 
ආදරය ....
මහා ගිනිකන්දක් වගේ පුපුරලා 
ගියාට .....
ගානක් වත් නැතිව අහක 
බලන් ඉගිලුනේ ඒ 
සමනල හිත ....
හිතුනා පුපුරුවන්න බොරේ දාලා 
හිත ...
ඉල්ලා ගන්න සෙනෙහස ටිකක් 
ණයට.....
අනේ කොහොමද ...
මහා හයියයි ඒ හිත ....
උණු නොවෙන ....
මගේ හිතත් උගස් වෙලා 
දන්නෙම නැතුව ඒ හිත 
ලග.....
පරක්කු වැඩි වෙලා බේර ගන්න 
සින්න වෙලා සදහටම 
ඒ සමනල හිත ලග ......
ආදරේ තරම .....
ඔන්න....
තාමත් පුරුද්දට වගේ 
මග බලනවා ....
එයිද කියලා 
පණිවිඩය .....
ආදරයේ ....
මුළු සයිබර් අවකාශයේ ....
අමතක වෙලාවත් 
 
ඔව් බලනවා .....

ට්‍රින් ....ට්‍රින්.... ට්‍රින්....
අහ්හ් ඒ මොකද්ද ඒ.....
අමතක වෙලා ආපු පණිවිඩේ 
වෙන්න බැ .....
මේක තමා දෙවන මහා ලෝක යුද්ධය ...
උදේ එලාම් එක වදිනවා දෙවියෙනේ ....
ඇති නිදා ගත්තා නැගිටින්න ,,,,,,
තේ හදන්න ......
ඔව් හීනයක් 
තවමත් ආදරේ .....
කරන .....

හැමතිස්සෙම ප්‍රර්ථනා කරන 
මගේ හීනය ....
ආදරණිය.....


නිල් අහස යට ....

Tuesday, July 19, 2016

සිතුවිලි හැගුම් බරයි .....

සිතුවිලි හැගුම් බරයි .....

ආදරේට ....
හැගුම්බර සිතුවිලි 
ගොන්නක් සිත දරාන
ඔබව අමතන්න 
කරන උත්සාහය .....:(


දුර ඈත ආකාසේ 
පුංචි තරුවක් වී 
පායා .....
මම එලිය ගෙනෙමි 
නුඹට ඇති 
තරම් ........

ගහේ ,වැලේ ,කැලේ
පිපි මලක් විලසේ 
සුවඳ ගෙනෙමි 
නුඹට ඇති තරම් ......

වසන්තයේ ඔබේ නමට 
පිපුන මල් ගෙන 
සරසන්නම් 
ජිවිතයම ...
සුවද විජිතයක් කර .....

දේදුන්නේ පාටයි
ආදරය මගේ ....
සිතින් මගේ සිත 
දරාගෙන ඔබව ...
නුඹටම ....
ආදරය කරමි 
ඇති තරමට .....
උම්මාදනියක් ලෙස 
මියැදුන හදවත 
පිරෙන්න ......


නිල් අහස යට ...............


පෝය දාට පන්සලේ....

පෝයදාට පන්සලේදී .....


මුණ ගැහෙමුද අපි ....
එකිනෙකට නොවෙනස් ආදරයෙන් ...
ජාති ආගම් භේද පසෙකලා ....
මනුස්ස හැගීමෙන් ....
දොහොත් මුදුනින් 
වදින්න මුනි පා යුග ....
සිත නිවුණු සිතුවිලි 
එකතුකර .....
බෝ තුරු සෙවනැල්ලේ ......
පැන් කළ වක්කරන්න ......
දැහැමි සිතින් පෙළ ගැහෙමුද ......
සාදු නදින් .......
සාදු ... සාදු .... සාදු.....


සමන් පිච්ච සුදු අරලිය 
නිල් මානෙල් එක පොකුරට 
ඔක්කොම ගෙන 
වට්ටියකට ......
සුදු සේලත් ඇග දවටන් ....
තෙල් ගාලා 
හිස පීරන් .....
මුනිදු පුදට හද බැතියෙන් 
යමු අපි පන්සල් .....
පන්සල ලග 
බෝ සෙවනේ ...
පැන්කල ගෙන 
සාදු නදින් ....
බුදුන් දෙසු දම් පදයෙන් 
වදිමු බැතින්
මුනි පා යුග ....


සියලු සතුන් මෙත් සිසිලෙන් 
වඩමු දහම
බැති බර වී ....
පෝය දාටවත් මෙලෙසින් 
කිළුටක් නැති සිත් සමගින් .......


බුදුන් දෙසු දම් පදයයි 
සුළගින් එන මෙත් සිසිලයි 
සාදු නදින් සිත් කළඹයි....
පෝය දාට සිත් පැහැදෙයි .....
දහම ඇතත් නිවන දුරයි ....
පව් බරින්ම සිත් 
උතුරයි ....
සියලු සතුන් 
සුවපත් වෙයි 
බුදුන් දෙසු දම් පදයෙන් 
තෙරුවන්ගේම ගුණ මහිමෙන් .......



නිල් අහස යට ................


Monday, July 11, 2016

සිතක ඇති උන සෙනෙහස

සිතක ඇති උන සෙනෙහස .....



සිතක  ඇති උන සෙනෙහස 
රැගෙන අනේ නුඹ 
යන්න ගියා .....
ඉතින් මං 
කාට නම් කියන්නද....
ඉවරයක් නැති 
''දුක් කන්දරාව''
සිහිනයේ සිහිනයත් 
ඔබ.......
ආදරයේ කවියත් 
ඔබ ....
දුහුල් වලාකුළක 
බර උන වැහි බිඳුවත් 
නුඹ ........

ඔය තරමට 
ලං උන කෙනෙක් 
හිටියද ලොවේ .........
ඔය තරමට ඇතට 
ගිහාම කොහොම වාවන්නද
මේ හිත ......
දැනුනේ නැද්ද 
මගේ දුක ......
කොහොමද ඉවසගෙන 
ඉන්නේ දුක .....
අමතක උනා ''මට ''
රළු බව'' පිරිමි හදවත ''
මගේ ඈස් අග 
නතර උන කඳුළු බිංදුව....
දන්නේ දුක.....
කියයි දවසක් ඒ දිග කතාව 
ඔයාට ......
අහගෙන ඉන්නවද ......???
ලංවෙන්නත් කලින් 
නොපෙනී ගිය මගේ ....
ආදර කතාවට 
තවමත් ආදරෙයි මම .....


නිල් අහස යට ..............


නිල් කටරොළු

නිල් කටරොළු......

ප්‍රර්ථනා............


නිල් කටරොළු මල් වට්ටියක ..
ප්‍රර්ථනා පොදි 
එකතු කර ...
පිදුවා පත්තිනි මෑණියන්ට ...
මගේ කන්නලව් ප්‍රාර්ථනාව ....
''හිමි වෙන්න කියා'' ....
මතු අත්මයකවත් 
සදා නොවෙනස් 
ආදර කථාවක...
ඔබත් මමත් ලං වෙන්නට
සසර පුරාවට ...
නොසිදෙන ප්‍රේම බන්ධනයෙන් 
ආදරය කියා ....
හිත් දෙකක් නොවී 
එකම සිතක් වෙන්නට 



නිල් අහස යට ..............