Sunday, June 5, 2016

බේබද්දාගේ "අම්මා"

බේබදු කම....


සමහරු බොන්නේ 'අනේ අද සෙට් උනා කට්ටිය'. ඉතින් ටිකක් බිව්වා .
වරදක් නැ . 
සමහරු බොන්නේ "වෙන කරන්න දෙයක් නෑ බොනවා ඇරෙන්න ".
තවත් අය " බොන අයටනේ පිරිමි කම තියෙන්නේ.  " 
ඔව් එහෙම හිතමුකෝ .
ගෑණු බොන්නේ නැනේ .
සමහරු සල්ලි තියන නිසා බොනවා .
එත්  එදා වෙලාවත් හොයාගන්න නැතුව දරුවෝ පහක් හයක් ඉන්න ගෙදරක තාත්තා කෙනෙක් බිව්වනම් ,සත්තයි දරුවන්ට යන කලදසාව මොකද්ද ..?? එහෙම අය ඕනා තරම් ඉන්නවා .
පිරිමි කම කියන්නේ බේබදු කමනම් 
මට කියන්න තියෙන්නේ ඒ පිරිමි තමයි 
කොදු ඇටපෙළ හෙවත් "කශේරුවක්" නැති පිරිමි කියලා .
තමන්ගේ සැමියා ,දරුවන් සහෝදරයන් බිලා බිලා ගෙදර ඇවිල්ලා 
අනේ කරන "විගඩන්" ඉවසගෙන බලන් ඉන්න අම්මාවරු 
සහෝදරියන් දරුවන් මේ ලොව අනන්තවත්.
ඒ අයට "දෙවියන්ගේම පිහිටයි"
කියනවා ඈරෙන්න වෙන මොනවා කියන්නද 

කළුවර වැටිලා 
හතර වටේටම ....
නෙතු නෑ පිය වී 
ඇද මත්තේ......
කුසගිනි දැනුනත් 
කෑමට ප්‍රිය නැත 
වැදු මවකගේ 
"දරු සෙනෙහෙ "
දස මස කුස හොවා 
"ලේ " කිරි කර පොවා 
මා නුඹ හැදුවේ ......
සියොලග හොවාන
කි "නැලවිලි" කවි වල 
අර්ථය  නැ ...
නුඹ හදුනා ගත්තේ ...
පියා නොමැති ලොව 
නුඹ රජ කරවන්නට 
මා කල" සේවය"
මදිවිදෝ ....
වැටි වැටි නැගිටින 
ජරා කණු වල ....
නුඹ ට වාරු වන්නට 
අද මට බෑ පුත....
මාත් මහළු වී ගෙන 
එන්නේ .....
අසයි වන්නට 
දොඩමලු නුඹ හා
නුඹ තනියම 
දොඩවන්නේ .....
අවසන කොතනද 
මේ කවි පද වල 
කවුරුත් නැ මට 
එය කිවේ ....

"මතුසම්බන්දයි"

බීපල්ලා ඇති තරම් "උඹලගේ සල්ලි" හැබැයි ගෙවල්වල ඉන්න උදවියගේ "කඳුළු"ගෙවලා ඉවර කරන්න බැරි වෙයි .ආත්ම ගණනකට 

මේ නිල් අහස යට .............

සත්තයි .

No comments:

Post a Comment