Sunday, May 29, 2016

චිත්‍ර පටියක කතාවක් .

ඉතින් ඔන්න තවත් දවසක් ...
මේ නිල් අහස යට...
මේ චිත්‍ර පටියක් ගැන කතාවක් . ඉතින් මුලින්ම කියන්න ඕනේ මෙහෙම. ජිවිතයේ අපිට විවිධ මිනිසුන් චරිත මුණ ගැහෙනවා . සමහරු කථා කරලා නොකියම යනවා තවත් අය කථා කරලත් නැතිවම අපිත් එක්ක ඉන්නවා . තවත් අය අපි ළගින් ම ඉන්නවා. හරියට අපේ අම්මා ,තාත්තා  වගේ . ජීවිතෙත් හරියට චිත්‍රපටියක් වගේ . එහෙම කිව්වට චිත්‍රපටියක් අපිට ඕනෙම විදිහට කපලා කොටලා හදාගෙන, අවසානයත් අපිට ඕනේ විදිහට දුකටද ,සැපටද කියලා නිර්මාණය කරගන්න පුළුවන් .නමුත් අපේ ජිවිත කතාව එහෙම බැ. අතීතය වර්තමානය සමග බැදිලා ,ඒ අත්දැකීම් වැරදුන තැන් එක්ක, අනාගතයට පාර හදාගෙන අපි ජිවිතයට මුහුණ දෙන්න ඕනේ . අනාගතය අපි දන්නේ නැ කොහොම වෙයිද කියල . "වපුරන විදිහටයි අපි අස්වැන්න නෙලන්න ඕනේ" 
මේ චිත්‍රපටිය ගැන කිව්වනම් "මැඩගස්කර් " ජිවිතයට පියවි ඇසින් දකින අය සමග අපි සම්බන්දකම් පටන් ගන්නේ .සෙලවෙන රූප කියන්නේ පණ නැති දේවල්. සත්තකින්ම පණ නැති සෙලවෙන රූප අපේ හදවත් වලට කතා කරනවා .ඒවගේ චිත්‍ර පටියක් මැඩගස්කර්  කියන්නේ. ආදරය, එකමුතුකම ,මිත්‍රත්වයේ සෙනෙහස,විනෝදය මේ හැමදේම අඩුවක් නැතුව මුළු චිත්‍රපටිය පුරාම විහිදෙනවා . හිතාගන්නම බැරි මේ තරමට මනස එක තැනක තියාගන්න මේ චරිත වලට හැකි උනේ  කොහොමද කියලා . ජිවිතේ විවිධ මිනිසුන් මුණ ගැහෙනවා .ඒ අතරින් සමහරු ජිවිත වල ලැගුම් ගන්නවා .සමහර චරිත ,කතා ,පොත් , ඒවගේම මේ චිත්‍ර පටිය මගේ ජිවිතේ සමහර දුක හිතන අවස්ථා මට අමතක කරන්න රුකුලක් උනා. ඒ නිසයි ඔයාලා එක්ක මේ දේ බෙදාගන්න හිතුවේ .
වෙලා තියන විදිහට නරඹන්න . ජිවිතේට වෙනස්ම පාඩමක් වෙයි . ඒකාකාරී ජිවිතයෙන් පොඩ්ඩකට හරි මිදෙන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා .
මේ නිල් අහස යට .....
  

No comments:

Post a Comment